Clean_Srilanka_වැඩසටහනට සමගාමීව #සබරගමුව පළාත්ග රු ආණ්ඩුකාරවර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ උපදෙස් පරිදි පිරිසිදු කොලොන්න නගරයක් ඇති කිරීමේ අදිටනින් ශ්‍රමදානමය වැඩසටහනක් 2025-02-07 වන දින පැවැත්විනි.
කොලොන්න ප්‍රාදේශීය සභාව,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,කොලොන්න පොලිසිය,කොලොන්න මුලික රෝහල, ගොවිජන සේවා කාර්යාලය, විදුලි බල මණ්ඩලය , මහවැලි අධිකාරිය – කොලොන්න ශාඛාව,කොලොන්න වෙළඳ සංගමය යන ආයතනවල සහභාගිත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විනි.
මෙහිදී මාර්ග දෙපස දමා ඇති ප්ලාස්ටික් පොලිතින් වැනි අපද්‍රව්‍ය ඉවත් කිරීම, අත්‍යවශ්‍ය වීථි පහන් අළුත්වැඩියා කිරීම,මාර්ගවල කාණු පද්ධතිය නිසි පරිදි සැකසීම,මාර්ග දෙපස වැවී ඇති කැලෑව පිරිසිදු කිරීම වැනි වැඩසටහන් කිහිපයක් සිදු කෙරිනි.