කොලොන්න ප්‍රාදේශීය සභාව

கொலொன்ன பிரதேச சபை

KOLONNA PRADESHIYA SABHA

අපි ගැන

කේ.සී සම්පත් ගුණසිංහ මහතා
සභාපති
කොලොන්න ප්‍රාදේශීය සභාව

ගරු සභාපතිතුමාගේ පණිවිඩය

නවීන තාක්ෂණය පෙරදැරි කරගෙන ඩිජිටල්කරණය තුළින් ඉදිරයට පා තබන පළාත් පාලන ආයතනයක් ලෙස කොලොන්න ප්‍රාදේශීය සභාව මගින් බල ප්‍රදේශයේ ජනතාවගේ මහජන සේවා අවශ්‍යතාවයන් කාර්යක්ෂමව හා විනිවිදභාවයෙන් යුතුව ඉටු කර ගැනීමට පහසුකම් සැලසීම පළාත් පාලන ආයතනයේ ප්‍රධානියා ලෙස මාගේ ප්‍රධාන අරමුණයි.එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා දරණු ලබන ප්‍රයත්නයක් ලෙස ආයතනයෙන් සපයනු ලබන සේවාවන් ලෙස නිවසේ සිටම සේවා අයදුම්පත් සම්පූර්ණණ කිරීම,ගෙවීම් කටයුතු සිදු කිරිම හා සේවාවන් පිළිබඳ තොරතුරු දැන ගැනීමට කොලොන්න ප්‍රාදේශීය සභාවේ නිල වෙබ් අඩවිය මහඟු උපකාරයක් වන බවට මාගේ විශ්වාසයයි.

පී.ජී.ඩී.එන් සමන්මලී මිය
ලේකම් 
කොලොන්න ප්‍රාදේශීය සභාව

ගරු ලේකම්තුමියගේ පණිවිඩය

කොලොන්න ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවගේ මහජන සෞඛ්‍යය ,පොදු උපයෝගිතා සේවා හා පොදු මංමාවත් යන අංශ කෙරෙහි අවධානය යොමු කරමින් ඔවුන්ගේ සුඛ විහරණය ,පහසුව හා සුභ සාධනය සැලසීම උදෙසා මහ සභාව විසින් ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීම  සඳහා කාර්ය මණ්ඩලය මෙහෙයවමින් කටයුතු කිරීම පරිපාලන නිලධාරියා වශයෙන් මාගේ වගකීමයි.
ඒ සඳහා නූතන තාක්ෂණය යොදා ගනිමින් මහජන අවශ්‍යතාවයන් පහසුවෙන් හා කාර්යක්ෂමව ඉටු කර දීමත් ජනතාව සමග යහපත් සන්නිවේදනයක් පවත්වා ගෙන යාමට කටයුතු කිරීමත් මාගේ අරමුණ වන්නේය.

 කොලොන්න ප්‍රාදේශීය සභාව සංස්ථාපනය

1936 සිට 1959 දක්වා ගම් කාර්යය සභාවක් ලෙසද 1960 සිට 1981 දක්වා ගම් සභාවක් ලෙසද 1982 සිට 1987 දක්වා සංවර්ධන සභා උප කාර්යාලයක් ලෙසද පැවති මෙම පළාත් පාලන ආයතනය 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතට අනුව 1988 සිට කොලොන්න ප්‍රාදේශීය සභාව නමින් සංස්ථාපනය විය.
එලෙස ස්ථාපිත වූ කොලොන්න ප්‍රාදේශීය සභාව උතුරට ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්ද, නැගෙනහිරට ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්ද, දකුණට හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්ද බටහිරට දකුණු පළාතට මායිම්ව රත්නපුර දිස්ත්‍රික්කයේ දකුණු සීමාවට වන්නට පිහිටා ඇත. විශාලත්වය වර්ග කිලෝ මීටර 204ක් හා ග්‍රාම නිලධාරී වසම් 29කින් සමන්විත බල ප්‍රදේශයේ සිංහල, දෙමළ,මුස්ලිම් හා වෙනත් යන විවිධ ජන කොටස් වලින් සමන්විත 53548 ක ජනගහනයක් ජීවත් වේ. බල ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය ලෙස කෘෂි කර්මාන්තය හඳුන්වා දිය හැකිය.


කොලොන්න ප්‍රාදේශීය සභාවේ පරමාර්ථ ප්‍රකාශනය

කො‌ලොන්න ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගිතා සේවාවන්‌ පොදු මංමාවත් විධිමත්ව පත්වාගෙන යමින් ජනතාවගේ සුඛ විහරණය පහසුව සහ සුබ සාධනය යන සියලු පහසුකම් ආරක්ෂා කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට අදාළ සියලු කරුණු විධිමත් කිරීම ,පාලනය කිරීම සහ පරිපාලනය කිරීම සම්බන්ධ කටයුතු ඉටුකිරීම මූලික කාර්යභාරය වේ.

1. ප්‍රාදේශීය සභා පනත අනුව පැවරී ඇති ලිඛිත නීතිවල විධි විධානයන් ක්‍රියාත්මක කිරීම.

2. බෝවෙන රෝග සහ වසංගත ඇතිවීම වැළැක්වීමට පියවර ගැනීම.

3. නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලා පවත්වාගෙන යාම.

4. අනතුරුදායක හා අප්‍රසන්න වෙළෙඳ ව්‍යාපාර විධිමත් කිරීම හා පාලනය කිරීම.

5. විකිණීමට තබා ඇති ආහාර ද්‍රව්‍ය පිළිබඳ තත්ත්ව පාලනය ඇති කිරීම.

6. මහා මාර්ග,කාණු,පදික වේදිකා,බෝක්කු,දිය අගල් ආදිය ඉදි කිරීම හා නඩත්තු කිරීම.

7. ගොඩනැගිලි හා ස්ථීර ඉදිකිරිම් විධිමත් කිරීම හා පාලනය කිරීම.

8. පොදු වෙළෙදපලවල් පිහිටුවා පවත්වාගෙන යාම.

9. වීථී ආලෝකය සැලසීම.

10. සුසාන භූමි පවත්වාගෙන යාම.

11. පුස්තකාල පවත්වාගෙන යාම.

12. ළදරු පාසල් හා ළදරු අධ්‍යාපන සේවා පවත්වාගෙන යාම.

13. ක්‍රීඩා පිටි ඇති කිරීම හා ඒවා පවත්වාගෙන යාම.

14. විවිධ කාර්යයන් සදහා අවශ්‍ය අතුරු ව්‍යවස්ථා පැනවීම හා ඒවා ක්‍රියාත්මක කිරීම.

15. පාරිසරික පවිත්‍රතාවය ආරක්ෂා කිරීම හා පවත්වාගෙන යාම.

16. මහජන සුඛ විහරණය සදහා ප්‍රාදේශීය සභා පනතේ ඉඩදී ඇති සීමාව තුල අවශ්‍ය කටයුතු කිරීම.

17. ප්‍රදේශයේ ජනතාව ගෙවන බදු මුදලේ ප්‍රතිලාභ හැකි උපරිම අයුරින් ආපසු ඔවුන් වෙත ලබාදීම යනාදී සියල්ලන් අරමුණු කොට ඇත.

කොලොන්න ප්‍රාදේශීය සභාව ආරම්භයේ සිට මේ දක්වා කෙටි හැඳින්වීමක්

තනතුර නම නියෝජනය කළ දේශපාලන පක්ෂය ධූර කාල සීමාව
ගරු සභාපති පී. කේ. පියදාස මයා එක්සත් ජාතික පක්ෂය 1988-01-08 සිට 1991-06-24
ගරු උපසභාපති එන්. පියදාස මයා එක්සත් ජාතික පක්ෂය 1988-01-08 සිට 1991-06-24
ගරු සභික පියදාස විතාරණ මයා එක්සත් ජාතික පක්ෂය 1981-01-08 සිට 1988-09-12
ගරු සභික උපාලි සමරකෝන් වික්‍රම මයා එක්සත් ජාතික පක්ෂය 1988-01-08 සිට 1990-04-01
ගරු සභික ආර්. ඒ. ජයසුන්දර මයා එක්සත් ජාතික පක්ෂය 1988-01-08 සිට 1991-06-24
ගරු සභික කේ. එල්. ඒ. රත්නායක මයා එක්සත් ජාතික පක්ෂය 1988-01-08 සිට 1991-06-24
ගරු සභික වී. රූපසිංහ මයා එක්සත් ජාතික පක්ෂය 1988-01-08 සිට 1991-06-24
ගරු සභික නන්ද සේන සමරවික්‍රම දහනායක එක්සත් ජාතික පක්ෂය 1988-01-08 සිට 1991-06-24
ගරු සභික ජේ. කේ. හරමානිස් මයා එක්සත් ජාතික පක්ෂය 1988-01-08 සිට 1991-06-24
ගරු සභික ඒ. සමරවීර මයා එක්සත් ජාතික පක්ෂය 1989-12-01 සිට 1991-06-24
ගරු සභික සිරිසේන සමරසිංහ මයා එක්සත් ජාතික පක්ෂය 1990-05-01 සිට 1991-06-24
ගරු සභාපති එස්. ඒ. එස්. ගරුසිංහ මයා එක්සත් ජාතික පක්ෂය 1991-07-09 සිට 1997-01-15
ගරු උපසභාපති බී. එච්. එම්. හරිස්චන්ද්‍ර මයා එක්සත් ජාතික පක්ෂය 1991-07-09 සිට 1997-01-15
ගරු සභික කේ. එල්. ඒ රත්නායක මයා එක්සත් ජාතික පක්ෂය 1991-07-09 සිට 1997-01-15
ගරු සභික වී. රූපසිංහ මයා එක්සත් ජාතික පක්ෂය 1991-07-09 සිට 1997-01-15
ගරු සභික පී. කේ. පියදාස මයා එක්සත් ජාතික පක්ෂය 1991-07-09 සිට 1997-02-25
ගරු සභික එච්. එල්. පොඩිමහත්මයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1991-07-09 සිට 1997-01-15
ගරු සභික එම්. එම්. ප්‍රේමදාස මයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1991-07-09 සිට 1997-01-15
ගරු සභික එම්. දයාරත්න මයා ශ්‍රී ලං. කොමියුනිට්ස් පක්ෂය 1991-07-09 සිට 1997-01-15
ගරු සභික එස්. එච්. විමලසේන මයා ස්වාධීන 1991-07-09 සිට 1997-01-15
ගරු සභික ඒ. ජේ. අමිල සම්පත් මයා එක්සත් ජාතික පක්ෂය 1991-07-09 සිට 1997-01-15
ගරු සභාපති එච්. එල්. පොඩිමහත්මයා පො. එ. පෙ 1997-04-15 සිට 2002-04-11
ගරු උපසභාපති එම්.එම්. පේමදාස මයා පො. එ. පෙ 1997-04-15 සිට 2002-04-11
ගරු සභික ඪබ්.පී.සී.ජේ පතිරණ මයා පො. එ. පෙ 1997-04-15 සිට 2002-04-11
ගරු සභික එච්. කුලරත්න මයා පො. එ. පෙ 1997-04-15 සිට 2002-04-11
ගරු සභික ඒ.ඒ. සුමනදාස මයා පො. එ. පෙ 1997-04-15 සිට 2000-10-31
ගරු සභික දයාරත්න මදරසිංහ මයා පොදුජන එක්සත් පෙරමුණ 1997-04-15 සිට 2002-04-11
ගරු සභික ඒ. තිස්ස අතුකෝරල මයා එක්සත් ජාතික පක්ෂය 1997-04-15 සිට 2002-02-28
ගරු සභික වී. රූපසිංහ මයා එක්සත් ජාතික පක්ෂය 1997-04-15 සිට 2002-04-11
ගරු සභික ඒ. ජේ. අමිල සම්පත් මයා එක්සත් ජාතික පක්ෂය 1997-04-15 සිට 2002-04-11
ගරු සභික vබ්.පී. මාතුපාල පෙරේරා මයා එක්සත් ජාතික පක්ෂය 2001-01-31 සිට 2002-04-11
ගරු සභික එච්.එම්. ගුණතිලක මයා එක්සත් ජාතික පක්ෂය 2001-04-28 සිට 2002-04-11
ගරු සභාපති බී. ආරියවංශ මයා එක්සත් ජාතික පක්ෂය 2002-04-16 සිට 2006-04-14
ගරු උපසභාපති වී. රූපසිංහ මයා එක්සත් ජාතික පක්ෂය 2002-04-16 සිට 2006-04-14
ගරු සභික ඒ. ජේ. අමිල සම්පත් මයා එක්සත් ජාතික පක්ෂය 2002-04-16 සිට 2006-04-14
ගරු සභික ඒ. පෙරමුණආරච්චි මයා එක්සත් ජාතික පක්ෂය 2002-04-16 සිට 2006-04-14
ගරු සභික එන්. පියසිංහ මයා එක්සත් ජාතික පක්ෂය 2002-04-16 සිට 2006-04-14
ගරු සභික එච්.එම්. ගුණතිලක මයා එක්සත් ජාතික පක්ෂය 2002-04-16 සිට 2006-04-14
ගරු සභික එච්. එල්. පොඩිමහත්මයා පොදුජන එක්සත් පෙරමුණ 2002-04-22 සිට 2006-04-14
ගරු සභික කේ.ජී ලක්ෂ්මන් ගමගේ මයා පොදුජන එක්සත් පෙරමුණ 2002-04-22 සිට 2006-04-14
ගරු සභික එස්.එස්. පද්මකුමාර මයා ජනතා විමුක්ති පෙරමුණ 2002-06-29 සිට 2006-04-14
ගරු සභාපති එච්. එල්. පොඩිමහත්මයා එ. ජ. නි. සංධානය 2006-04-16 සිට 2011-01-06
ගරු උපසභාපති ඩී’ ජී. සමන්ත මයා එ. ජ. නි. සංධානය 2006-04-16 සිට 2011-01-06
ගරු සභික පී.එම්. කුමාරරත්න මයා එ. ජ. නි. සංධානය 2006-04-25 සිට 2011-01-06
ගරු සභික ටී. රූපසේන මයා එ. ජ. නි. සංධානය 2006-04-20 සිට 2011-01-06
ගරු සභික එච්. කුලරත්න මයා එ. ජ. නි. සංධානය 2006-04-20 සිට 2011-01-06
ගරු සභික බී. ආරියවංශ මයා එක්සත් ජාතික පක්ෂය 2006-04-20 සිට 2011-01-06
ගරු සභික වී. රූපසිංහ මයා එක්සත් ජාතික පක්ෂය 2006-04-20 සිට 2011-01-06
ගරු සභික ඒ.ඩී. චමින්ද සමන් කුමාර මයා එක්සත් ජාතික පක්ෂය 2006-04-20 සිට 2011-01-06
ගරු සභික එස්. ශාන්ත පද්මකුමාර මයා ජනතා විමුක්ති පෙරමුණ 2066-04-17 සිට 2006-07-11
ගරු සභික එච්. පී. සුනිල් ප්‍රේමරත්න මයා ජනතා විමුක්ති පෙරමුණ 2006-10-25 සිට 2011-01-06
ගරු සභාපති පී.එච්.ආර්.ඩී. දයා පතිරණ මයා එ. ජ. නි. සංධානය 2011-04-01 සිට 2015-05-15
ගරු උපසභාපති ඩබ්.පී.ජේ. චින්තක පතිරණ මයා එ. ජ. නි. සංධානය 2011-04-01 සිට 2015-05-15
ගරු සභික ඉඳුනිල් රාජපක්‍ෂ මයා එ. ජ. නි. සංධානය 2011-04-01 සිට 2015-05-15
ගරු සභික ටී. රූපසේන මයා එ. ජ. නි. සංධානය 2011-04-01 සිට 2015-05-15
ගරු සභික පී.එම්. කුමාරරත්න මයා එ. ජ. නි. සංධානය 2011-04-01 සිට 2015-05-15
ගරු සභික ඩී.ජී. සමන්ත මයා එ. ජ. නි. සංධානය 2011-04-01 සිට 2015-05-15
ගරු සභික බී. ආරියවංශ මයා එක්සත් ජාතික පක්ෂය 2011-04-01 සිට 2015-05-15
ගරු සභික ඒ.ඩී. චමින්ද සමන් කුමාර මයා එක්සත් ජාතික පක්ෂය 2011-04-01 සිට 2015-05-15
ගරු සභික පී. රාජේන්ද්‍රන් මයා එක්සත් ජාතික පක්ෂය 2011-04-01 සිට 2014-04-29
ගරු සභික එන්. ගුණරත්න මයා එක්සත් ජාතික පක්ෂය 2011-06-19 සිට 2015-05-15
ගරු සභාපති ටී. රූපසේන මහත්මා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 2018.03.20 සිට 2023-03-19
ගරු උපසභාපති ආර්.ඩී. ඉදුනිල් මහත්මා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 2018.03.20 සිට 2023-03-19
ගරු සභික පී.එච්.ආර්.ඩී. දයාපතිරණ මහත්මා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 2018.03.20 සිට 2023-03-19
ගරු සභික ටී.එල්. තුෂිත මහත්මා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 2018.03.20 සිට 2023-03-19
ගරු සභික පී.එම්. කුමාරරත්න මහත්මා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 2018.03.20 සිට 2023-03-19
ගරු සභික පී.ජී. සුමනපාල රත්නායක මහත්මා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 2018.03.20 සිට 2023-03-19
ගරු සභික බී.ජී. ප්‍රසාද් උදය කුමාර මහත්මා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 2018.03.20 සිට 2023-03-19
ගරු සභික එම්.ඒ. ඔමිල බුද්ධික නලින් ද සිල්වා මහත්මා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 2018.03.20 සිට 2023-03-19
ගරු සභික කේ. ශාන්ත රුවන් සිරිවර්ධන මහත්මා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 2018.03.20 සිට 2023-03-19
ගරු සභික ඩී.ජී. සමන්ත මහත්මා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 2018.03.20 සිට 2023-03-19
ගරු සභික කේ.එච්. පද්මලතා මහත්මිය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 2018.03.20 සිට 2023-03-19
ගරු සභික ඒ.ඩී. චමින්ද සමන් කුමාර මහත්මා එක්සත් ජාතික පක්ෂය 2018.03.20 සිට 2023-03-19
ගරු සභික බී.ආරියවංශ මහත්මා එක්සත් ජාතික පක්ෂය 2018.03.20 සිට 2022.06.14
ගරු සභික මුනියන්ඩි ශ්‍රීධර් මහත්මා එක්සත් ජාතික පක්ෂය 2018.03.20 සිට 2023-03-19
ගරු සභික ජී.ජී.ඩී. මහේෂා හෙල්මිණි ලක්ෂගේ මහත්මිය එක්සත් ජාතික පක්ෂය 2018.03.20 සිට 2023-03-19
ගරු සභික ඩී.පී.එම්. කුමුදුනි දයාසිරි දේවසිංහ මහත්මියෙ එක්සත් ජාතික පක්ෂය 2018.03.20 සිට 2023-03-19
ගරු සභික චන්දිමා ලියනගේ මහත්මිය එක්සත් ජාතික පක්ෂය 2018.03.20 සිට 2023-03-19
ගරු සභික එස්.ඒ. පියතිස්ස මහත්මා ජනතා විමුක්ති පෙරමුණ 2018.03.20 සිට 2023-03-19
ගරු සභික එච්.පී.සුනිල් ප්‍රේමරත්න මහතා ජනතා විමුක්ති පෙරමුණ 2018.03.20 සිට 2022-02-25
ගරු සභික ඩබ්.පී.ජේ. චින්තක පතිරණ මහත්මා එක්සත් ජනතා නිදහස් සන්ධානය 2018.03.20 සිට 2023-03-19
ගරු සභික එස්.රත්නායක මහතා එක්සත් ජාතික පක්ෂය 2021.06.29 සිට 2023-03-19
ගරු සභික එස්.චමින්ද දීප්ති කුමාර මහතා ජනතා විමුක්ති පෙරමුණ 2022.02.25 සිට 2023-03-19

කතු හිමිකම © 2026 - කොලොන්න ප්‍රාදේශීය සභාව. සියළුම හිමිකම් ඇවිරිනි.

නිර්මාණය හා සංවර්ධනය - ආර්.පී.එච්.පී ගුණසේන