රූසටහන්
සංචාරක ආකර්ෂණීය ස්ථාන
මඩුවන්වෙල වලව්ව
සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ඇඹිලිපිටිය සුරියකන්ද මහා මාර්ගයේ 14 වන සැතපුම් කණුව ආසන්නයේ රමණීය පරිසරයක මඩුවන්වෙල වලව්ව පිහිටා ඇත. වලව්ව පිහිටි ඉඩම අක්කර 20 ක පමණ විශාල භූමි භාගයකි. නොයෙක් වටිනා තුරුලතාවලින් පිරි අලංකෘත උද්‍යානය වලව්ව අවට සුන්දරත්වය ඉස්මතු කරයි. පවුරු තුනකින් අලංකාර වු මඩුවන්වෙල වලව්වේ පිටත පවුර ශක්තිමත් කළු ගලින් නිමවා ඇත. එහි ඇතුළුවන දොරටුව “ගල් උළුවස්ස” නම්වේ. දොරටුව දෙපස මනරම් ලියවැල්ද ඒ මත මකර තොරණක හැඩයට ගල් ආරුක්කුවක්ද දක්නට ලැබේ. තොරණ දෙපස කැටයම් කළ නෙළුම් පොහොට්ටු දෙකක් ඇත. පෙර කළ ඒ අසල පුන් කලස් තුනක්ද තිබු බව කියවේ. වලව්වේ මැද කොටසට සම්බන්ධ වන කොටසේ මනරම් ලියවැල් හා බොරදම් කැටයම් දක්නට ලැබේ. ඇතුළු පවුර “පහන්පවුර “නම් වන අතර එහි අලංකාර පහන් කුටි රුසක් ඇත. එමෙන්ම වලව්වට ජල පහසුව සැපයු සිසිල් ජලය පිරි ළිඳද පිඟන් ගඩොල් අතුරා ඇති නාන ගෙයි නෂ්ටාවශේෂද, වසර සිය ගණනක් පැරණි කුඹුක් හා හික් ගස්ද වලව්වේ ජීවත් වු මහා රදළවරයාගේ පෞරුෂත්වය නොසඟවා හෙළි කරන්නේ අභිමානයෙනි.
හිමිදිරි පෙදෙස
සිංහරාජයේ නැගෙනහිර මායිමේ පිහිටි එක්තරා සුවිශේෂි කුඩා බිම් කඩකි. තෙත් කලාපීය පරිසරයෙන් මදක් ගිලිහුණු රක්වාන හා දෙනියාය අතරින් යා හැකි හිමිදිරි පෙදෙස (Morning Side) යනු ඉතාමත් අලංකාර ස්ථානයකි. එම ප‍්‍රදේශය හිමිදිරි පෙදෙස ලෙස හඳුන්වන්නේ උදේ සිට සවස අඳුර එනතුරුම එම සීමිත ප‍්‍රදේශය හිමිදිරි උදය මෙන් පැවතීමය.
රත්නපුර සිට හෝ බදුල්ල ප‍්‍රදේශයේ සිට පැමිණෙන විට පැල්මඩුල්ලෙන් කහවත්ත හරහා රක්වානටත් ඉන්පසුව සූරියකන්දටත් පැමිණිය යුතුය. ගාල්ල ප‍්‍රදේශයේ සිට දෙනියාය හරහාද සූරියකන්දට පැමිණිය හැකිය. සූරියකන්ද ප‍්‍රදේශයේ දකුණු පෙදෙසට වන්නට සම්මත මගක් තිබෙන අතර එයට වන ජීවි සංචාරක බංගලාව ආශ‍්‍රිතයටම පහසුවෙන් යා හැකිය. සූරියකන්ද හරහා හිමිදිරි පෙදෙස මාර්ගයෙන්ද ඉත්තකන්ද හරහා හිමිදිරි පෙදෙස මාර්ගයෙන්ද යන මාර්ග දෙකෙන්ම මෙම ස්ථානය වෙත ළඟා විය හැක.
වවුල්පන හුණුගල් ගුහාව
රත්නපුර දිස්ත්‍රික්කයේ-කොලොන්න ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ , කඹුරුගමුව ග්‍රාම නිලධාරී වසම තුළ පිහිටි මේ ඉපැරැණි ගුහාව, රමණීය පරිසරයකට නෑකම් කියයි. පැල්මඩුල්ල-ඇඹිලිපිටිය මහා මාර්ගයේ, පල්ලෙබැද්ද – බුළුතොට මාර්ගයේ කිලෝ මීටර 10 ක් පමණ වාහනයකින් ගමන් කර, එතැන් සිට තවත් කිලෝ මීටරයක පමණ දුරක් තරමක් දුෂ්කර පා ගමනකින් ගමන් කිරීමෙන් පසු මේ ගුහාව වෙත ළඟාවිය හැකි ය.
දූලි ඇල්ල
සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ඇඹිලිපිටිය සුරියකන්ද මහා මාර්ගයේ 14 වන සැතපුම් කණුව ආසන්නයේ රමණීය පරිසරයක මඩුවන්වෙල වලව්ව ඉදිරිපස මාර්ගයෙන් මෙම ඇල්ල වෙත ළඟාවිය හැකි ය.
කතු හිමිකම © 2025 - කොලොන්න ප්‍රාදේශීය සභාව. සියළුම හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය - ආර්.පී.එච්.පී ගුණසේන

