කොලොන්න ප්‍රාදේශීය සභාව

கொலொன்ன பிரதேச சபை

KOLONNA PRADESHIYA SABHA

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය

දැක්ම

අනාගතයට පිවිතුරු හරිත නගරයක්

මෙහෙවර

කොලොන්න ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ නාගරික සීමාව තුළ ජනනය වන කසල විධිමත්ව නිසි කළමනාකරණයකින් යුතුව එක් රැස්කිරීම,තේරීම,ප්‍රවාහනය කිරීම, ප්‍රතිචක්‍රීයකරණය කිරීම,කොම්පෝස්ට් සකස් කිරීම සහ පරිසර දූෂණය අවම වන පරිදි අවසන් බැහැරලීම සිදු කිරීම තුළින් බල ප්‍රදේශයේ ජනනය වන කසළ තිරසාර ලෙස කළමනාකරණය කිරීම.

දැනට ක්‍රියාත්මක කසළ කළමනාකරණ වැඩසටහන

හැඳින්වීම

සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න මැතිවරණ බල ප්‍රදේශය තුළ පිහිටි කොලොන්න ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය වර්ග කිලෝමීටර් 240 ක වපසරියකින් සමන්විත වේ. පළාත් පාලන ඡන්ද බල ප්‍රදේශ 10ක් සහ ග්‍රාම නිලධාරී වසම් 29කින් සමන්විත මෙම බල ප්‍රදේශ තුළ සිංහල, දෙමළ, මුස්ලිම් ආදි වශයෙන් ජන වර්ග කීපයකින් යුක්ත වේ. ප්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මාන්තය වන අතර ස්වයං රැකියා ව්‍යාපාර හා රජයේ හා පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන් බල ප්‍රදේශයේ ජීවත් වේ.

කොලොන්න, ඇරෑපෝරුව, විජේරිය, බුළුතොට, සූරියකන්ද, මඩුවන්වෙල, කෑල්ල, අඹගහයාය, කෝප්පකන්ද ග්‍රාම නිලධාරී වසම් 09ක් තුළ කොලොන්න ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ නාගරික සීමාව විසිරි ඇති අතර මෙම නාගරික සීමාවේ කොලොන්න සිට සූරියකන්ද නගරය දක්වා කොලොන්න නගරය ඇතුළුව කෑල්ල සිට කෝප්පකන්ද නගරය දක්වාත් ප්‍රධාන මාර්ගය දෙපස කිලෝමීටර් 150ක පමණ වපසරියක් තුළ රාජ්‍ය හා පුද්ගලික ආයතන පාසල්, විහාරස්ථාන, සතිපොළවල්, ඇතුළු දිනකට කසල ටොන් 1.5ක පමණ ප්‍රමාණයක් අප ආයතනය මගින් එකතු කරනු ලබයි.

ප්‍රාදේශීය සභාව විසින් එකතු කරනු ලබන කසළ මාදන වෙලේවතුගොඩ ග්‍රාම නිලධාරී වසමේ මඩේහේන්යාය ඉඩමේ පිහිටි කසල අංගනය වෙත රැගෙන යාම සඳහා ආයතනය සතු ට්‍රැක්ටර් රථ 02ක් යොදා ගනු ලබයි. මෙම ට්‍රැක්ටර් රථ දෙක දිරන නොදිරන ලෙස වෙන් කර කසළ එකතු කරනු ලබන ස්ථානයේදීම කසළ වෙන් කර ගැනීමට සෞඛ්‍ය කම්කරුවන්ට උපදෙස් ලබා දී ඇති අතර, කසල වර්ගීකරණය කර කසල අංගනය තෙක් ප්‍රවාහනය කිරීම දැනටමත් සිදු වේ.

2021 පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය මගින් දැක්වුණු ප්‍රතිපාදන අනුව කොම්පෝස්ට් අංගනය ඉදි කිරීම සිදු කර ඇත. එමෙන්ම 2021 වර්ෂයේ පළාත් සභා අරමුදල් මගින් රු. ලක්ෂ 20ක ප්‍රතිපාදන යොදවා කොම්පෝස්ට් අංගනයට අවශ්‍ය යන්ත්‍රෝපකරණ ලබාගෙන ඇත.

ඒ අනුව මේ වන විට දිරන කසළ යොදාගෙන 2022 වර්ෂයේ සිට කොම්පෝස්ට් නිෂ්පාදනය කර අළෙවි කිරීමේ කටයුතු සිදු කරනු ලැබේ. තවද, 2023 වර්ෂයේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයෙන් ලද ප්‍රතිපාදන වලට අනුව ඝන අපද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා ගොඩනැගිල්ලක් ඉදි කරමින් පවතී.

මෙසේ ආයතනය සතු භෞතික හා මානව සම්පත් උපයෝගී කරගෙන බල ප්‍රදේශයේ කසල කළමනාකරණ කටයුතු විධිමත්ව හා මනා කළමනාකරණයකින් යුතුව සිදු කිරීමට කටයුතු කරමින් පවතී.

ඝණ අපද්‍රව්‍ය එකතු කිරිමේ සිතියම හා දින

අදහස්,යෝජනා හා පැමිණිලි ඉදිරිපත් කරන්න.

කසළ කළමනාකරණ ට්‍රැක්ටර් රථය පැමිණෙන ස්ථානය පහතින් නරඹන්න.

කසල කළමනාකරණය සහ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ තොරතුරු.

  1. බල ප්‍රදේශයේ ගෘහස්ථ කසල ජනනය මසකට – ටොන් 30 (ද. ව.)

  2. බල ප්‍රදේශයේ ගෘහස්ථ කසල ජනනය වසරකට – 36 ටොන්

  3. කසල එකතු කිරීම/ දිනකට දිරණ ටොන් –  5 (ද. ව.)

    1. නොදිරන ටොන්            –  7 (ද. ව.)

  4. කසල එකතු කරනු ලබන – ගෘහ ඒකක සංඛ්‍යාව   – 170

    1. ව්‍යාපාරික ස්ථාන සංඛ්‍යාව – 220

    2. ආයතන සංඛ්‍යාව    – 10

    3. වෙනත් – 20

  5. ආවරණය කරන භූමි ප්‍රමාණය – 108 කි.මී. (ද.ව.)

  6. කසල එකතු කරනු ලබන ප්‍රදේශ – කොලොන්න, ඇරෑපෝරුව,විජේරිය,

බුළුතොට, සූරියකන්ද, මඩුවන්වෙල,     අඹගහයාය, කෑල්ල, කෝප්පකන්ද, බුත්කන්ද

  1. කසල වර්ගීකරණය කිරීම

දිරාපත් වන කසල    – කොම්පෝස්ට් නිෂ්පාදනයට යෙදවීම.

නොදිරන කසල       – ප්‍රතිචක්‍රීකරණය කිරීම.

කසල අපහරණ ඉඩම සම්බන්ධ විස්තර.

  1. ඉඩමේ නම          – මඩේහේන්යාය

  2. ඉඩමේ ප්‍රමාණය        – හේක්ටයාර්2143

  3. පිහිටීම ගම –  මාදන

  4. ග්‍රාම නිළධාරි වසම – වෙලේවතුගොඩ

  5. ප්‍රා.ලේ. කොට්ධාශය     – කොලොන්න

කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා පරිසර නිර්දේශය  – ඇත (2024.12.11 සිට 2026.12.10 දක්වා)

බලපත්‍ර අංකය – SA – CO 3083 (RO)

යන්ත්‍රෝපකරණ සහ වාහන පිළීබඳ විස්තර

  1. යන්ත්‍ර හලර් මැෂින් – 01

චිපර් මැෂින්  – 01

බෙලර් යන්ත්‍රය – 01

  1. වාහන ට්‍රැක්ටර් රථ – 02

 

සේවකයින් පිළිබඳ තොරතුරු

ට්‍රැක්ටර් රථ රියදුරු – 02

සෞඛ්‍ය කම්කරු    – 04

 

නගරය තුළ කසළ එක් රැස් කරන බඳුන් ස්ථාපනය

කොම්පෝස්ට් නිෂ්පාදනය

එකතු වන ප්ලාස්ටික්,පොලිතින් බෙලර් යන්ත්‍රය යොදාගෙන අලෙවිය සඳහා සැකසිම.

 එකතු කරන කසළ වර්ගවල ප්‍රමාණය සහ සංයුතිය පිළිබඳ තොරතුරු

එකතු කරනු ලබන කසල වර්ගවල ප්‍රමාණය හා සංයුතිය

දිනකට kg

සතියකට kg

මසකට kg

වර්ෂයකට  kg

වීදුරු

200

300

1200

15000

ප්ලාස්ටික්

10

20

80

1000

පොලිතින්

5

10

40

500

ටින්

5

10

40

500

කඩදාසි

5

20

80

1000

කාඩ්බෝඩ්

5

20

80

1000

ලෝහ

නැත

නැත

නැත

නැත

ඉලෙක්ට්‍රෝනික් අපද්‍රව්‍ය

1

2

5

200

සායනික අපද්‍රව්‍ය

නැත

නැත

නැත

නැත

වෙනත්

2

5

20

200

 ඉදිරි වසර 5 තුළ අපේක්ෂිත තත්ත්වය

2025

2026

2027

2028

2029

2030

වීදුරු kg

15000

15250

15500

16000

16500

17000

ප්ලාස්ටික් kg

1500

2000

2500

3000

3500

4000

පොලිතින් kg

500

600

700

800

900

1000

ටින් kg

500

600

700

800

900

1000

කඩදාසි kg

300

500

700

900

1100

1500

කාඩ්බෝඩ් kg

300

500

700

900

1100

1500

ලෝහ kg

නැත

නැත

නැත

නැත

නැත

නැත

ඉලෙක්ට්‍රෝනික් අපද්‍රව්‍ය kg

100

200

300

400

500

600

සායනික අපද්‍රව්‍ය kg

නැත

නැත

නැත

නැත

නැත

නැත

වෙනත් kg

100

200

300

400

500

600

 

ඉදිරි වසර පහ තුළ ක්‍රියාත්මක සැලැස්ම

 

ක්‍රියාකාරකම

ක්‍රමවේදය

කාල රාමුව

 අපේක්ෂිත මුදල රු.

වගකීම් ස්වභාවය

2025

2026

2027

2028

2029

2030

1

කසළ ජනනය වන ප්‍රමාණය අඩු කිරීමේ ක්‍රියාවලිය සිදු කිරීම

ආහාර දවටන වෙනුවට ආහාර බදුන් භාවිතා කිරීමට හුරු කිරීම

    10,000.00

විෂ්‍ය භාර නිලධාරී

ආහාර කොටස් සත්ව ආහාර සඳහා  ලබා දීම

මහජන සෞඛ්‍ය පරීක්ෂක

ගෘහස්ථකසළ මගින් කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා කාන්තාවන් දැනුවත් කිරීම

 

පෙට් බෝතල් වෙනුට වීදුරු බොතල් භාවිතා කිරීම

 

2

කසල නැවත භාවිතා කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීම

ආහාර කල් ගබා ගන්නා ක්‍රම

    10,000.00

විෂ්‍ය භාර නිලධාරී

පරණ භාණ්ඩ හුවමාරු පොළක් පැවැත්වීම

මහජන සෞඛ්‍ය පරීක්ෂක

වැඩිපුර පවතින ඇඳුම් සපත්තු සෙල්ලම්බඩු ආදිය දුගී දුප්පත් අයට ලබා දීමේ වැඩසටහන් සිදු කිරීම

 

3

කසළ ප්‍රතිචක්‍රීකරණ කටයුතු සිදු කිරීම

පෙොලිතින් ප්ලාස්ටික් වීදුරු, ටින්, ලෝහ, කඩදාසි කාඩ්බොඩ් ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ කටයුතු සඳහා යෙදවීම

      5,000.00

විෂය භාර නිලධාරී

කාබණික පොහොර සැකසීම

මහජන සෞඛ්‍ය පරීක්ෂක

 

කාබණික පොහොරවල ගුණාත්මක බව වැඩිකිරීම

කාබණික පොහොරවල ගුණාත්මක බව වැඩි කිරීම සඳහා ගිනිසිරියා කොළ වල් සූරියකාන්ත වැනි ද්‍රව්‍ය එකතු කිරීමට කටයුතු කිරීම

      3,000.00

විෂ්‍ය භාර නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂක, සෞඛ්‍ය කම්කරු

4

කොම්පෝස්ට් ව්‍යාපෘතිය පිහිටි ඉඩම අවට ජීවත්වන ජනතාවගේ ගැටළු අවශ්‍යතා හදුනාගෙන ඒ සඳහා විසදුන් ලබාදීම

මැසි මදුරු උවදුරු වැළැක්වීම සඳහා මැසි නාසක දියර ඉසීම

    10,000.00

විෂය භාර නිලධාරී

දුර්ගන්ධය පාලනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම

මහජන සෞඛ්‍ය පරීක්ෂක

වන සතුන්ගෙන් වන හානි අවම කර ගැනීමට පියවර ගැනීම

සෞඛ්‍ය කම්කරු

ජලය ලබා ගන්නා ළිං සඳහා ආක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම

 

5

අවසන් අපහරණ භූමි පිළිබඳ තොරතුරු වෙබ් අඩවි හා මුහුණු පොත හරහා බල ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීම

කොම්පෝස්ට් නිෂෟපාදන කටයුතු සහ ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ කටයුතු පිළිබඳව ආයතනයේ වෙබ් අඩවිය සහ මුහුණ පොත මගින් නිරන්තරව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කිරීම

      3,000.00

විෂය නිලධාරී, තාක්ෂණික නිලධාරී

6

සෞඛ්‍ය සේවකයින්ගේ සනීපාරක්ෂාව සහ සුභ සාධන කටයුතු ඉහළ නැංවීමට අවශ්‍ය ක්‍රියාකාරකම් සිදු කිරීම

කාර්තුවකට වරක් වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීම

    20,000.00

විෂය නිලධාරී, තාක්ෂණික නිලධාරී

සේවකයින්ගේ සහ පවුල්වල සාමාජිකයින්ගේ සුභ සාධනය ඉහළ නැංවීම සඳහා කටයුතු කිරීම

කාර්මික නිලධාරී

අවශ්‍යතාවය පරිදි සනීපාරක්ෂක උපකරණ ලබාදීම

ම. සෞ. පරීක්ෂක

දැනුම ආකල්ප වර්ධනය කිරීම සඳහා පුහුණූ වැඩසටහන් සිදු කිරීම

 

7

ට්‍රැක්ටර් රථ රියදුරන් දැනුවත් කිරීමට කටයුතු කිරීම

දනාත්මක ආකල්ප වර්ධනය කිරීමේ වැඩසටහන් පැවැත්වීම

    10,000.00

ම. සෞ. පරීක්ෂක

8

කසළ කළමනාකරණය හා ඝන අපද්‍රව්‍ය කළමානකරණ කටයුතු පිළීබඳ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කිරීම (ප්‍රජාව, ස්වේච්ඡා සංවිධාන රාජ්‍ය  නොවන ආයතන , රාජ්‍ය ආයතන, ව්‍යාපාරික ප්‍රජාව)

අත්පත්‍රිකා

    10,000.00

විෂය නිලධාරී

ප්‍රචාරක වැඩ සටහන්

වෙබ් පිටුව මගින්

තාක්ෂණික නිලධාරී

සමාජ මාධ්‍ය භාවිතා කරගෙන දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කිරීම

ම. සෞ. පරීක්ෂක

9

පෙර පාසල් සිසුන් හා පාසල් සිසුන් කසළ කළමනාකරණය හා ඝන අපද්‍රව්‍ය කළමානකරණ කටයුතු පිළිබඳ දැනුවත් කිරීම

අත්පත්‍රිකා

    20,000.00

විෂය නිලධාරී

ප්‍රචාරක වැඩ සටහන්

 

වෙබ් පිටුව මගින්

 

තාක්ෂණික නිලධාරී

සමාජ මාධ්‍ය භාවිතා කරගෙන දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කිරීම

 

ම. සෞ. පරීක්ෂක

10

කසල කළමනාකරණය හ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා  ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධානවල හා  පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනීමට කටයුතු කිරීම

ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් පවතින ස්වේච්ඡා සංවිධාන හා එකතුවී නිවාස මට්ටමින් පවතින ඝන අපද්‍රව්‍ය ඒකරාහී කිරීමේ කටයුතු සිදු කිරීම සහ ජනතාවගේ තොරතරුරු පදනම් කරගෙන ඝන අපද්‍රව්‍ය ගබඩා කිරීමේ ඒකකයක් පිටිහුවීමට කටයුතු කිරීම

 

 

 

 

      5,000.00

විෂය නිලධාරී/ ම. සෞ. ප.

11

ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරන්නන් දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කිරීම

අපද්‍රව්‍ය ලබා ගැනීම

      5,000.00

 

මිලදී ගැනීම හා ගබඩා කිරීම ආදි කටයුතු පිළිබඳව නව තක්ෂණික ක්‍රියාකාරකම් වලට අනුව දැනුවත් කිරීමට කටයුතු කිරීම

 

12

කොම්පෝස්ට් ව්‍යාපෘතිය ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කිරීමේ කටයුතු කිරීම

නියම කර ඇති මාර්ගෝපදේශ අනුගමනය කරිමින් පොහොර ලේකම් කාර්යාලයේ කොම්පෝස්ට් පහසුකම ලියාපදිංචි කිරීමට කටයුතු කිරීම

 

 

 

 

 

    15,000.00

විෂය නිලධාරී

13

කසළ කළමනාකරණ කටයුතු වලට හා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා භාවිතා කරන යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා කිරීම

අදාළ අවස්ථාවන් වලදී සිදුවන කාර්මික දෝෂ හා නඩත්තු කටයුතු සඳහා  නිර්දේශ හා අනුමැතිය සහිතව ඇස්තමේන්තු සකස් කර අදාළ අලුත්වැඩියා කටයුතු සිදු කිරීම

    50,000.00

විෂය නිලධාරී හා කාර්මික නිලධාරී

14

කසළ කළමනාකරණ කටයුතු වලට හා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා භාවිතා කරන ට්‍රැක්ටර් රථ වල නඩත්තු හා  අලුත්වැඩියා කිරීම

අදාළ අවස්ථාවන් වලදී සිදුවන කාර්මික දෝෂ හා නඩත්තු කටයුතු සඳහා  නිර්දේශ හා අනුමැතිය සහිතව ඇස්තමේන්තු සකස් කර අදාළ අලුත්වැඩියා කටයුතු සිදු කිරීම

    50,000.00

විෂය නිලධාරී හා කාර්මික නිලධාරී

15

කොම්පෝස්ට් ව්‍යාපෘතිය පිහිටි ඉඩම පවරා ගැනීමේ කටයුතු

මෙම ඉඩම ඇඹිලිපිය ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි කිරීමේ කටයුතු සඳහා යොමු කර ඇති අතර, එම නිර්දේශ ලද පසු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් නීත්‍යානුකූලය පැවරීම් කිරීමට කටයුතු කිරීම

 

 

 

 

 

                   –  

ලේකම් හා විෂය නිලධාරී

16

ඝන අපද්‍රව්‍ය මධ්‍යස්ථානය පිහිටි ඉඩම නිරවුල් කර ගැනීම

මෙම ඉඩම රජය සතු ඉඩමකි. නීත්‍යුනුකූලව ඉඩම් පැවරීමේ ක්‍රමවේදය යටතේ මැනුම් කර පැවරීම් කර දෙන ලෙස ප්‍රා දේශීය ලේකම් කාර්යාලය වෙතින් ඉල්ලීම් කර ඇත.

 

 

 

 

 –

ලේකම් හා විෂය නිලධාරී

17

කොම්පෝස්ට් ව්‍යාපෘතිය පිහිටි ඉඩමෙහි ගේට්ටුවක් දැන්වීම් පුවරුවක් සහ කොම්පෝස්ට් ගබඩා කිරීමේ ගොඩනැගිල්ලක් ඉදි කිරීම

අවශ්‍යතාවය පරිදි ඇස්තමේන්තුව සකස් කර නිර්දේශ හා අනුමැතිය සහිතව අදාළ කටයුතු සිදු කිරීම

 

 

 

 ඇස්තමේන්තු මුදල

ලේකම්, කාර්මික නිලධාරී හා විෂය නිලධාරී

18

ඝන අපද්‍රව්‍ය මධ්‍ය්ථානය පිහිටි ඉඩමෙහි ආරක්ෂිත වැට ගේට්ටුව සහ මාර්ගය ඉදි කිරීම

අවශ්‍යතාවය පරිදි ඇස්තමේන්තුව සකස් කර නිර්දේශ හා අනුමැතිය සහිතව අදාළ කටයුතු සිදු කිරීම

 

 

 

 ඇස්තමේන්තු මුදල

ලේකම්, කාර්මික නිලධාරී හා විෂය නිලධාරී

19

ඝන අපද්‍රව්‍ය කළමණාකරන කටයුතු සඳහා  අතුරු ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම

කෙටුම්පත් සකස් කර සභා තීරණ සහිතව භාෂාත්‍රයෙන් පරිවර්තනය කර පළාත් සභාවේ අනුමැතිය සහිතව ගැසට් පත්‍රයේ ඵලකිරීමට කටයුතු කිරීම

 

 

 

 

 

    20,000.00

ලේකම්, විෂය නිලධාරී

20

ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු හා කසළ කළමාකරණ කටයුතු තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට කටයුතු කිරීම

අනෙකුත් පළාත් පාලන ආයතන හා රාජ්‍ය නොවන සංවිධාන පුද්ගලික ආයතන සහ පාරශයකරුවන් සමඟ ඒකාබද්ධව වැඩසටහන් සිදු කර අදාළ වාර්තා මගින් ඉලක්ක කරා ලගා කර ගැනීමට කටයුතු කිරීම

 –

ලේකම්, විෂය නිලධාරී

21

1980 ජාතික පාරිසරික පනතේ සඳහන් විධිවිධාන වලට අනුව තහනම් කර ඇති පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කිරීම

අංක 2034/33, 34, 35, 36, 37 හා 38 දරණ පරිසර අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදන වලට අදාළව පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය හා ගිනිතැබීම පිළිබඳව ජනතාව නවීන තාක්ෂණික ක්‍රම මගින් දැනුවත්කිරීමට කටයුතු කිරීම

 

විෂය නිලධාරී හා ම. ජ. සෞ. පරීක්ෂක

22

ඝන අපද්‍රව්‍ය හා කසළ කළමනාකරණ කටයුතු සඳහා ආදායම් වියදම් ඇත්ලත් ගිණුමත් පවත්වාගෙන යාම

ඝන අපද්‍රව්‍ය අළෙවි කිරීම සහ කොම්පෝස්ට් අළෙවිය සහ වෙනත් ආදායම සම්බන්ධ ලේඛන පවත්වාගෙන යාම

 

විෂය නිලධාරී

ඉන්ධන සේවක හා රියදුරු වැටුප් මෙහෙයුම් වියදම් ආදායම් බලපත්‍ර රක්ෂණ සේවා කිරීම් හා නඩත්ත කිරීම් ආදී වියදම් සහ යන්ත්‍රෝපකරණ අලුත්වැඩියා නඩත්තු වියදම් සම්බන්ධ ගිණුමක් පවත්වාගෙන යාම

23

කසළ කළමනාකරණ කටයුතු සම්බන්ධ අධීක්ෂණය කිරීම

මෙහිදි අදාළ තොරතුරු අතින් ලිවීමේ සාම්ප්‍රදායික ක්‍රමය වෙනුවට XL SHEET මගින් දත්ත රැස් කිරීම හා විශලේෂණය කිරීම ප්‍රස්ථාර හා වගු මගින් ක්‍රමවත්ව හා විධිමත්ව දත්ත ගබඩා කිරීම ආද අධීක්ෂණයට ඉඩ සැලසීම

 

විෂය නිලධාරී

මූල්‍ය කළමනාකරණය පිළිබඳව යාවත්කාලීන කරන ලද තොරතුරු සොයා බැලීමට කටයුතු කිරීම

24

බල ප්‍රදේශයේ කසළ කළමනාකරණ කටයුතු සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව පරික්ෂා කිරීමේ කමිටුවක් පත් කිරීම

ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් කසළ කළමනාකරණයට අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා කමිටුවක් පත් කර එහි ක්‍රියාකාරී සාමාජිකයකු මගින් වසම් 29 තුළම තොරතුරු වට්ස්ඇප් සමූහයක් සකස් කර හමගින් ලබාගෙන දත්ත පද්ධතියට ඇතුලත් කර යාවත්කාලීන කරගනිමින් පවත්වාගෙන යාම

 

ලේකම්,

25

ගලි ප්‍රතිකර්ම පද්ධතියක් ස්ථාපිත කර ගැනීම

සභා අනුමැතිය සහිතව ඇස්තමේන්තු සකස් කර නිර්දේශ හා අනුමැතිය ලබා ගැනීම

 

 

 

 

 

කාර්මික නිලධාරී,  විෂය භාර නිලධාරී

26

සනීපාරක්ෂක බිම් පිරවුමක් ඉදි කිරීම

සභා අනුමැතිය සහිතව ඇස්තමේන්තු සකස් කර නිර්දේශ හා අනුමැතිය ලබා ගැනීම

 

 

 

 

 

කාර්මික නිලධාරී,  විෂය භාර නිලධාරී

 

කතු හිමිකම © 2026 - කොලොන්න ප්‍රාදේශීය සභාව. සියළුම හිමිකම් ඇවිරිනි.

නිර්මාණය හා සංවර්ධනය - ආර්.පී.එච්.පී ගුණසේන