කාර් ය මණ්ඩල ඩිජිටල් කරණ දත්ත පද්ධතිය

කොලොන්න ප්‍රාදේශීය සභාව

Welcome to the Digitization Human Resource Management system Of Kolonna PS... Designed by-R.P Harsha Priyankara

කාර් ය පටිපාටි සැලැස්ම

අනුකූලතා සහතික නිකුත් කිරීම.

 

 

i.

අයදුම්පත් හා අවශ්‍ය තොරතුරු සභාවේ පෙරටු කාර්යාලයෙන් හා නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැක.

i i

පිඹුරුපත පමණක් අනුමත කිරීම ගොඩනැගිලි අයදුම් පත්‍ර යේ පටු අංක 1, 2,3, 4, 5, 6, 8, 9 හා 10 සම්පූර්ණ කිරීම සහ එහි සුදුසුකම්ලත් පුද්ගලයා යන ස්ථානයේ මිනින්දෝරු විසින් අත්සන් කිරීම

පිඹුරුපත හා ගොඩනැගිලි සැලසුම අනුමත කිරීම ඉහතින් දක්වා ඇති පිටු අංක වලට අමතරව 11, 12, 14, 17 හා 25 සම්පූර්ණ කිරීම සහ එම පිටුවල සුදුසුකම්ලත් පුද්ගලයා ලෙස ගොඩනැගිලි සැලසුම අදින ලද තැනැත්තා අත්සන් කිරීම කළ යුතුය.

       අවශ්‍ය ලිපි ලේඛන

මිනින්දෝරු සැලසුම – පිටපත් 03 ( සත්‍ය පිටපතක් බව සහතික කළ) මිනින්දෝරු විසින්

ගොඩනැගිලි සැලසුම – පිටපත් 03 ( සත්‍ය පිටපතක් බව සහතික කළ) ගොඩනැගිලි සැලසුම අදින ලද තැනැත්තා විසින්

යෝග්‍යතා සහතිකය

ඉඩමේ ඔප්පුව – පිටපත් 01

iii

සම්පූර්ණ කරන ලද අයදුම්පත සමඟ අවශ්‍ය ලිපි ලේඛන අප ආයතනය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව (ඉදිරිපත් කරනු ලබන අවස්ථාවේදී ඒ සඳහා අදාළ මුදල් අය කළ යුතුය) එම ලිපි ලේඛන ගොනු කර අංක කර ආවරණ ලිපියක් සහිතව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත යැවීම.

iv

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙතින් ලිපි ගොනුව ලැබුණු පසු කාර්මික නිලධාරී තුමා සමග ක්ෂේත්‍ර පරික්ෂාව සදහා යාම.
 ක්ෂේත්‍ර පරික්ෂාව සිදුකළ පසු සැලසුම් කමිටුවක් පැවැත්වීම.

v

සැලසුම් කමිටුවෙන් අනතුරුව ගොඩනැගිලි අයදුම්පත් ප්‍රතික්ෂේපවූයේ නම් ඒ බව අදාළ පුද්ගලයින් වෙත ලිඛිතව දැනුම් දීම

vi

අනුමත වූ ගොඩනැගිලි අයදුම්පත් සීල් තබා ලේකම්තුමියගේ අත්සනට යොමු කිරීම

vii

සැලසුම් කමිටුවේ තීරණ සටහන් කරමින් සැලසුම් කමිටු වාර්තාව කිරීම සහ සැලසුම් කමිටුව සඳහා සහභාගී වූ නිලධාරීන්ගේ අත්සන් ගැනීම.

ක්‍රීඩාපිටිය කුලියට ලබාදීම.

 

 

 

කොලොන්න ප්‍රාදේශීය සභාවට අයත් කොලොන්න මහජන ක්‍රීඩාංගණය විවිධ සැණකෙලි,ක්‍රීඩා තරඟ,ප්‍රදර්ශන වැනි වැඩසටහන් සඳහා කුලි ගෙවා වෙන් කරවා ගත හැක.

අයදුම්පත් සභාවේ නිල වෙබ් අඩවියෙන් හෝ පෙරටු කාර්යාලයෙන් ලබා ගත හැක.

1.1

 ඉල්ලුම් කිරීමේ ක්‍රියාවලිය

ක්‍රීඩා පිටිය වෙන් කිරීම සදහා ගෙවිය යුතු ගාස්තු

සභාව සතු ක්‍රීඩා පිටිය කුලියට දීම දිනකට

01.රජයේ ආයතනවලින් පවතවනු ලබන වැඩසටහන් සඳහා 5000.00

02.පාසල් ක්‍රීඩා තරග සදහා 500.00

03.දේශපාලන රැස්වීමක් සඳහා 10000.00

04.සංඟීත සංදර්ශනයක් සඳහා 10000.00

05.ක්‍රීඩා සමාජ සඳහා 3000.00

1.2 අවශ්‍ය කරන ලියකියවිලි

ඉල්ලීම් ලිපිය

සම්පුර්ණ කරන ලද ආකෘති පත්‍රය

1.3

  සේවාවට අදාළ වැඩ පියවර

v  ක්‍රීඩා පිටිය ඉල්ලුම් කරන දින කලින් වෙන් කර ඇතිදැයි පරීක්ෂා කර බැලීම.
v  ඒසේ වෙන් කර නැත්නම් අදාළ ගාස්තු අයකර අදාළ දිනයන් වෙන් කිරීම.

 

මාර් ගය පළුදු කිරීමට අවසර ලබාදීම.

1.

      අවශ්‍යතාව සභාවේ වෙබ් අඩවිය මගින් හෝ පෙරටු කාර්යාලයට පැමිණ දැන්වීම.

2.

      ඉල්ලීම සභාවේ මාර්ගයක් වන විට සම්පූර්ණ කළ ඉල්ලුම්පත්‍රය වෙබ් අඩවිය ඔස්සේ හෝ අතින් භාර ගැනීම.

3.

      ඉල්ලුම්පත්‍රය විෂය නිලධාරී මගින් තාක්ෂණ නිලධාරී වෙත යොමු කිරීම.

4.

      ස්ථානීය පරීක්ෂාවක් සිදු කර නිරීක්ෂණ හා නිර්දේශ සමග ඉල්ලුම් පත්‍රය විෂය භාර නිලධාරී මගින් ලේකම් වෙත යොමු කිරීම.

5.

      ඉල්ලීම අනුමත වුයේ නම් ගෙවිය යුතු ගාස්තු ප්‍රමාණය දක්වමින් ඉල්ලීමට අවසර දීමේ ලිපිය පෙරටු කාර්යාලයට යොමු කර ගෙවිය යුතු ගාස්තු ප්‍රමාණය ඉල්ලුම්කරුට දැන්වීම./ඉල්ලීම ප්‍රතික්ෂේප වූයේ නම් ඊට හේතු දක්වමින් ඒ බව ඉල්ලුම්කරුට දැන්වීම.

6.

      මාර්ග පළුදු කිරීම යථා තත්වයට පත් කිරීමේ ගාස්තු අය කර ගෙන ලදුපත හා අවසර දීමේ ලිපිය නිකුත් කිරීම.

7.

      කාර්ය අවසන් කළ බව වාර්තා කිරීම.

8.

      මාර්ගය යථා තත්ත්වයට පත් කරවීම හා වියදම වාර්තා කිරීම.

9.

      මාර්ගය යථා තත්ත්වයට පත් කරවීමට දරන ලද වියදම වැය ශීර්ෂයට බැර කර ඉතිරිය ඉල්ලුම්කරුට ගෙවීම.

2.2.ඉදිරිපත් කළ යුතු ලේඛන

ඉල්ලුම්පත්‍රය

2.3.සේවාවට අදාළ වැඩ පියවර
       i.  නිසිලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය සහ අවශ්‍ය වන අනෙකුත් ලියකියවිලි පරීක්ෂා කර බලා ලේඛන ගත කිරීම.
      ii.  කාර්මික නිලධාරී නිර්දේශයට අනුව අදාළ ගාස්තු අය කිරීම.
     iii.   මාර්ගය පළුදු කිරීමට අවසර දීමේ ලිිපිය නිකුත් කිරීම
  iv.   මාර්ගය යථා තත්ත්වයට පත් කරවීම හා වියදම වාර්තා කිරීම.

v.   මාර්ගය යථා තත්ත්වයට පත් කරවීමට දරන ලද වියදම වැය ශීර්ෂයට බැර කර ඉතිරිය ඉල්ලුම්කරුට ගෙවීම

 

විථි රේඛා හා නොපවරවා ගැනීමේ සහතික නිකුත් කිරීම.

1.

     පෙරටු කාර්යාලයෙන් හෝ සභාවේ නිල වෙබ් අඩවියෙන් අයදුම්පත් ලබා ගත හැක.

2.

     අයදුම් පත්‍රය සමග ඔප්පුවේ පිටපතක් (මුල් පිටපත සමග සැසදිමෙන් පසු) හා මිනිනදෝරු සැලැස්මේ පිටපතක් ලබා ගැනිම.

3.

     ඉල්ලුම් අයිතිකරු නොවේනම් අයිතිකරුගේ කැමැත්ත ප්‍රකාශ කළ ලිපියක් ලබා ගත යුතුය.

4.

     ඔප්පුවේ මුල් පිටපතක් බැංකුවේ නම් ඉදිරිපත් කරන පිටපත් බැංකුව මගින් සහතික කර තිබිය යුතුය.

5.

     කාර්මික නිලධාරිතුමාට යොමු කර නිර්දේශය ලබා ගැනිම.

6.

     වීථි රේඛා සහ නොපවරා ගැනිමේ සහතිකය සකස් කිරිම.

7.

     ඒ සදහා සභාපතිවරයාගෙන් අත්සන් ලබා ගැනිම.

8.

     රු.5000.00ක ගාස්තුවක් අය කර වීථිරේඛා සහ නොපවරා ගැනිමේ ලේඛනයේ අයදුම්කරුගේ අත්සනක් ලබා ගෙන වීථි රේඛා සහ නොපවරා ගැනිමේ සහතිකය ලබා දිම.

9.

     එක් පිටපතක් වීථිරේඛාසහ නොපවරා ගැනිමේ සහතික නිකුත් කිරිම නැමැති ලිපිගොනුවට ඇතුළත් කිරිම.

ගොඩනැගිලි සැලසුම් සංවර්ධන බලපත්‍ර නිකුත් කිරීම.

1

ඉල්ලුමි පත්‍ර ලබා ගැනීම (පෙරටු කාර්යාලයෙන් හෝ සභාවේ වෙබ් අඩවියෙන්)

2

සුදුසුකම් ලැබූ තැනැත්තා විසින් සහතික කළ නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය භාර ගැනීම,පෙරසැරි ගාස්තුව අය කර ගැනීම, ලදුපත නිකුත් කිරීම, ඉල්ලුමි පත්‍රය භාර ගත් බව, ලියා පදිංචි අංකය හා ක්ෂේත්‍ර පරීක්ෂණයට පැමිණෙන දිනය ඉල්ලුම්කරුට නිවේදනය කිරිම

3

ඉල්ලීම විෂය භාර නිළධාරි මගින් තාක්ෂණ නිළධාරි වෙත යොමු කිරීම

4

ක්ෂේත්‍ර පරීක්ෂණයට පැමිණෙන දිනය තහවුරු කරන නිවේදනය ඉල්ලුම්කරුට යොමු කිරීම

5

ක්ෂේත්‍ර පරීක්ෂාව

6

ඉල්ලීම සම්බන්ධ තම නිරීක්ෂණ හා නිර්දේශ සහිත ගොනුව සැලසුම් කමිටුවට ඉදිරිපත් කිරීම සඳහා විෂය භාර නිළධාරිට යොමු කිරීම

7

තාක්ෂණ නිළධාරීන්ගේ නිර්දේශය සහිත ඉල්ලීම සලකා බලා අනුමත කිරීම

8

සංවර්ධන බලපත්‍රය පිළියෙල කර බලයලත් නිළධාරීන්ගේ අත්සන ලබා ගැනීම

9

අත්සන් කළ සහතිකය පෙරටු කාර්යාලයට යොමු කිරීම සහ දේපලෙහි වාර්ෂික වටිනාකම තක්සේරු කිරීම සඳහා ආදායම් අංශයට වාර්තා කර ඉල්ලුම්කරු දැනුවත් කිරීම

10

සංවර්ධන බලපත්‍රය සහ අනුමත කළ සැලැස්ම ඉල්ලුම්කරුට යොමු කිරිම

පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම.

1. ප්‍රාදේශීය සභා නිළ වෙබ් අඩවියෙන්,පෙරටු කාර්යාලයෙන් හෝ විෂය නිළධාරීගෙන් නව අයදුම්පතක් /අලුත් කිරීමේ අයදුම්පතක් ලබා ගැනීම
2. අයදුම්පත සම්පූර්ණ කර විෂය නිළධාරී හො විෂය නිළධාරී වෙත පහත ලිපිගොනු සමග භාර දීම
· ව්‍යාපාරයට හෝ කර්මාන්තයට යන මාර්ගයේ දළ සටහන
·  ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතියේ පිටපත
·  ව්‍යාපාරය පිහිටා ඇති ඉඩමේ මිනින්දෝරු සැලැස්මේ පිටපත
·ව්‍යාපාරය පිහිටා ඇති ඉඩමේ ඔප්පුව හෝ අයිතිය සනාථ කෙරෙන ලියකියවිලි
·  ඒ ඒ ව්‍යාපාරයන්ට අදාල ඉල්ලා සිටින විශේෂිත ලියකියවිලි
· උදා-දැව ආශ්‍රීත ව්‍යාපාරයක් නම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තු සහතිකය
3.       නව ව්‍යාපාරයක් නම් ව්‍යාපාරයේ මූලික ආයෝජන මුදල අනුව ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු ලබා ගැනීම (පාරිසරික ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම පිළිබද පළාත් පාලන ආයතන සදහා මාර්ගෝපදේශ අත්පොත -18 පිටුව)
4.       අලුත් කිරීමක් නම් බලපත්‍රය කල් ඉකුත්වීමට පෙර අයදුම්පත ඉදිරිපත් කර තිබිය යුතු අතර ඉන්පසුව ලබා දෙන අයදුම්පත් සදහා නව බලපත්‍රයක් සදහා අනුගමනය කරන ක්‍රියා පිළිවෙල අනුගමනය කල යුතුය.
5.       අදාල ව්‍යාපාරය පිහිටි ස්ථානයේ ක්ෂේත්‍ර පරීක්ෂණය සිදු කිරීම
6.       ක්ෂේත්‍ර පරීක්ෂණ වාර්තාව ප්‍රගති සමාලෝචන කමිටුව සදහා ඉදිරිපත් කිරීම
7.       ප්‍රගති සමාලෝචන කමිටුව නිර්දේශ කරන ආයතන බලපත්‍ර නිකුත් කිරීම සදහා සුදුසුකම් ලැබීම
8.       බලපත්‍ර නිකුත් කිරීම සදහා සුදුසුකම් ලැබූ ආයතන සදහා බලපත්‍ර ගාස්තු ගෙවන ලෙස දැනුම් දීම
9.       පරිසර බලපත්‍රය නිකුත් කිරීම

 

සභාව සතු වාහන කුලියට ලබාදීම.

අයදුම්පත් සභාවේ නිල වෙබ් අඩවියෙන් හෝ පෙරටු කාර්යාලයෙන් ලබා ගත හැක.
කොලොන්න ප්‍රාදේශීය සභාවට අයත් LL 6991 ටිපර් රථය, LK 9598 ටිපර් රථය, HC 3718 වෑන් රථය, ජල බවුසරය, ගලි බවුසරය, ZA 4929 බැකෝ යන්ත්‍රය, LL 7578 කෘ කැබ් රථය යන වාහන ජනතාවගේ අවශ්‍යතාවයන් සඳහා කුලී ගෙවා වෙන් කර ගත හැක.
4.5 අවශ්‍ය කරන ලියකියවිලි
ඉල්ලීම් ලිපිය
හිමිකරුගේ ජාතික හැදුනුම්පත සමඟ ඡයා පිටපතක්
4.2 සේවාවට අදාළ වැඩ පියවර
නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
අදාළ ගාස්තු අය කිරීම
ඉල්ලුම් කරන ලද වාහනය නියමිත දිනයේදී රියදුරු සමඟ ලබා දීම

ජල බවුසරය කුලියට ලබාදීම.

සභාවේ වෙබ් අඩවියෙන් හෝ පෙරටු කාර්යාලයෙන් පොරොත්තු ලේඛනය බලා අයදුම් පත සභාවේ වෙබ් අඩවියෙන් හෝ පෙරටු කාර්යාලයෙන් ලබාගෙන සම්පූර්ණ කළ හැක.
ජල වබුසරයට අදාළ ගාස්තු සභාවේ පෙරටු කාර්යාලයට හෝ මාර්ගගත ක්‍රමය ඔස්සේ ගෙවා නියම්ත දිනට රියදුරු හා වාහනය වෙන් කර ගත හැක.
ගාස්තු
කි.මී 05 ඇතුළත -6000/-
කි.මී 5ට වැඩි සෑම කි.මී 01කට (යාමට හා ඒමට) – 150/-
නවතා තැබීමට දිනකට – 1000/-
කාර්ය නිමවූ පසු හෝ කාරය ඉටු නොවිම පිළිබඳ අයුදුම්කරු විසින් පෙරටු කාර්යාලයට දැනුම් දිය යුතු අතර ඒ බව රියදුරුගෙන්ද විමසා සභාවට අයකරගත යුතු මුදලක්හෝවේ නම් පෙරටු කාර්යාලයට ගෙවිය යුතු අතර අයදුම්කරුට නැවත ලැබිය යුතු මුදලක් වේ නම් විෂය භාර නිලධාරී කාර්මික නිලධාරීට දැනුම් දුන් පසු පරීක්ෂා කර බලා ගෙවීම් කටයුතු සිදු කරනු ලබයි.

 

ගලි බවුසරය කුලියට ලබාදීම.

සභාවේ වෙබ් අඩවියෙන් හෝ පෙරටු කාර්යාලයෙන් පොරොත්තු ලේඛනය බලා අයදුම් පත සභාවේ වෙබ් අඩවියෙන් හෝ පෙරටු කාර්යාලයෙන් ලබාගෙන සම්පූර්ණ කළ හැක.
ගලි වබුසරයට අදාළ ගාස්තු සභාවේ පෙරටු කාර්යාලයට හෝ මාර්ගගත ක්‍රමය ඔස්සේ ගෙවා නියම්ත දිනට රියදුරු හා වාහනය වෙන් කර ගත හැක.
ගාස්තු
කි.මී 05 ඇතුළත – 7000/-
කි.මී 5ට වැඩි සෑම කි.මී 01කට (යාමට හා ඒමට) – 200/-
කාර්ය නිමවූ පසු හෝ කාරය ඉටු නොවිම පිළිබඳ අයුදුම්කරු විසින් පෙරටු කාර්යාලයට දැනුම් දිය යුතු අතර ඒ බව රියදුරුගෙන්ද විමසා සභාවට අයකරගත යුතු මුදලක්හෝවේ නම් පෙරටු කාර්යාලයට ගෙවිය යුතු අතර අයදුම්කරුට නැවත ලැබිය යුතු මුදලක් වේ නම් විෂය භාර නිලධාරී කාර්මික නිලධාරීට දැනුම් දුන් පසු පරීක්ෂා කර බලා ගෙවීම් කටයුතු සිදු කරනු ලබයි.

වෙළඳ බලපත්‍ර නිකුත් කිරීම.

ව්‍යාපාර හිමිකරුවන්ට සභාවේ නිල වෙබ් අඩවියෙන් හෝ පෙරටු කාර්යාලයෙන්,අදායම් පරික්ෂකගෙන් අදාළ අයදුම්පත් ලබා ගත හැක.

01.පනවා ඇති හෝ සභාව විසින් පිළිගෙන ඇති සම්මත අතුරු ව්‍යවස්ථාව අනුව බලපත්‍ර ලබා ගත යුතු ව්‍යාපාරික ආයතන වාර්ෂික ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කිරීම.

02.වෙළඳ බලපත්‍ර ලබා ගත යුතු ආයතන පිළිබඳ සමීක්ෂණයක් සිදු කිරීම.

03.සමීක්ෂණය කරන ලද ව්‍යාපාරික ආයතන පිළිබඳ තොරතුරු දත්ත පද්ධතියට ඇතුළත් කිරීම.

04.සමීක්ෂණ පත්‍රිකා වසම් වශයෙන් වෙන් කර ගොනු ගත කිරීම.

05.එම පත්‍රිකා ආදායම් පරීක්ෂක සහ ප්‍රාදේශීය සභා ලේකම්ගේ අත්සනට යොමු කිරීම.

06.අත්සන් කරන ලද බලපත්‍ර ලබා දිය යුතු සමීක්ෂණ පත්‍රිකා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත යැවීම.

07.මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී නිර්දේශය ලබා දී ඇති ව්‍යාපාර සඳහා බලපත්‍ර ගාස්තු වර්ෂයේ මාර්තු 31 වන දිනට පෙර ආයතනය වෙත ගෙවන ලෙස ව්‍යාපාර හිමියන් දැනුවත් කිරීම.

08.බලපත්‍රය සකස් කර ප්‍රාදේශීය සභා ලේකම් අත්සනට යොමු කිරීම.

09.බලපත්‍ර පිළිබඳ ලේඛනයේ එම බලපත්‍ර පිළිබඳ විස්තර ඇතුලත් කිරීම.

10.මුදල් ගෙවන ලද ව්‍යාපාර හිමියන් වෙත ලදුපත හා වෙලඳ බලපත්‍රය ලබා දීම.

11.ලද ආදායම පිළිබඳව බලපත්‍ර ගාස්තු ලේඛනය යාවත්කාලීන කිරීම.

12.බලපත්‍ර ගාස්තු පිළිබඳ තොරතුරු ආදායම් පිළිබඳ දත්ත පද්ධතියට ඇතුළත් කිරීම.

13.බලපත්‍ර ලබා නොගත් ආයතන වෙත නැවත සිහිකැඳවීම් යැවීම.

14.වර්ෂයේ ජුනි 30 දිනට ප්‍රථම බලපත්‍ර ලබා නොගත් ආයතන පිළිබඳව 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 151 සහ 152 වගන්ති යටතේ පවරා ඇති බලතල ප්‍රකාරව බල ප්‍රදේශයට අයත් මහේස්ත්‍රාත් අධිකරණයක නඩු පැවරීම හා ඊට අදාළ රාජකාරී කටයුතු සිදු කිරීම.

ව්‍යාපාර බදු අය කිරිම.

  1. ව්‍යාපාර බදු සහ කර්මාන්ත බදු ගෙවිය යුතු ව්‍යාපාරික ආයතන වාර්ෂික ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කිරීම.

02.බල ප්‍රදේශයේ පිහිටුවා ඇති ව්‍යාපාරික ස්ථාන සහ කර්මාන්ත  පිළිබඳ සමීක්ෂණයක් සිදු කිරීම.

03.සමීක්ෂණය කරන ලද ව්‍යාපාරික ආයතන පිළිබඳ තොරතුරු දත්ත පද්ධතියට ඇතුළත් කිරීම.

04.සමීක්ෂණ පත්‍රිකා වසම් වශයෙන් වෙන් කර ගොනු ගත කිරීම.

05.එම පත්‍රිකා ආදායම් පරීක්ෂක සහ ප්‍රාදේශීය සභා ලේකම්ගේ අත්සනට යොමු කිරීම.

  1. වර්ෂයේ මාර්තු 31 වන දිනට පෙර ආයතනය වෙත අදාළ බදු මුදල් ගෙවන ලෙස ව්‍යාපාර හිමියන් දැනුවත් කිරීම.

08.ලද ආදායම පිළිබඳව ආදායම් ලේඛන යාවත්කාලීන කිරීම.

09.බදු මුදල් පිළිබඳ තොරතුරු ආදායම් පිළිබඳ දත්ත පද්ධතියට ඇතුළත් කිරීම.

10.ගාස්තු නොගෙවූ ආයතන වෙත නැවත සිහිකැඳවීම් යැවීම.

11.වර්ෂයේ ජුනි 30 දිනට ප්‍රථම ගාස්තු නොගෙවූ ආයතන පිළිබඳව 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 151 සහ 152 වගන්ති යටතේ පවරා ඇති බලතල ප්‍රකාරව බල ප්‍රදේශයට අයත් මහේස්ත්‍රාත් අධිකරණයක නඩු පැවරීම හා ඊට අදාළ රාජකාරී කටයුතු සිදු කිරීම.

කර් මාන්ත බදු අය කිරිම.

  1. කර්මාන්ත බදු ගෙවිය යුතු ව්‍යාපාරික ආයතන වාර්ෂික ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කිරීම.

02.බල ප්‍රදේශයේ පිහිටුවා ඇති කාර්මාන්ත පිළිබඳ සමීක්ෂණයක් සිදු කිරීම.

03.සමීක්ෂණය කරන ලද කර්මාන්ත පිළිබඳ තොරතුරු දත්ත පද්ධතියට ඇතුළත් කිරීම.

04.සමීක්ෂණ පත්‍රිකා වසම් වශයෙන් වෙන් කර ගොනු ගත කිරීම.

05.එම පත්‍රිකා ආදායම් පරීක්ෂක සහ ප්‍රාදේශීය සභා ලේකම්ගේ අත්සනට යොමු කිරීම.

  1. වර්ෂයේ මාර්තු 31 වන දිනට පෙර ආයතනය වෙත අදාළ බදු මුදල් ගෙවන ලෙස ව්‍යාපාර හිමියන් දැනුවත් කිරීම.

08.ලද ආදායම පිළිබඳව ආදායම් ලේඛන යාවත්කාලීන කිරීම.

09.බදු මුදල් පිළිබඳ තොරතුරු ආදායම් පිළිබඳ දත්ත පද්ධතියට ඇතුළත් කිරීම.

10.ගාස්තු නොගෙවූ ආයතන වෙත නැවත සිහිකැඳවීම් යැවීම.

11.වර්ෂයේ ජුනි 30 දිනට ප්‍රථම ගාස්තු නොගෙවූ ආයතන පිළිබඳව 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 151 සහ 152 වගන්ති යටතේ පවරා ඇති බලතල ප්‍රකාරව බල ප්‍රදේශයට අයත් මහේස්ත්‍රාත් අධිකරණයක නඩු පැවරීම හා ඊට අදාළ රාජකාරී කටයුතු සිදු කිරීම.

ජීවිත හා දේපළ වලට අනතුරුදායක ගස් ඉවත් කිරීම.

 

i නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රයක් මගින් ඉල්ලීම ලබා ගැනීම.(පෙරටු කාර්යාලයෙන් ලබාගෙන හෝ අන්තර්ජාලය හරහා හෝ යොමු වන අයදුම්පත් මඟින් ඉල්ලීම් සිදු කරනු ලබයි)
ii අදාළ සේවා ගාස්තුව පෙරටු කාර්යාලය හරහා හෝ අන්තර්ජාලය හරහා ගෙවිම.
iii ලේකම්තුමිය මගින් කාර්මික නිලධාරිගේ නිරීක්ෂණයට යොමු කිරීම.
iv කාර්මික නිලධාරිගේ නිර්දේශය ලැබීමෙන් පසු සභාපතිතුමාගේ අනුමැතියට යොමු කිරීම.
v කාර්මික නිලධාරියාගේ නිර්දේශයට අනුව 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 107 වගන්තියෙන් දක්වා ඇති පරිදි අනතුර ඉවත් කිරීම සඳහා සුදුසු නිර්දේශිත ක්‍රියාමාර්ගය (ගස කපා ඉවත් කිරීම/ ගසේ අතු පමණක් ඉවත් කිරීම/ ගස ඇඳ බැඳ තැබීම) ලිපිය ලද වහාම ඉටු කරන ලෙස ගස අයිතිකරුට නියෝග කිරීම.
vi ලිපිය ලද වහාම අනතුර ඉවත් කිරීමට සුදුසු ක්‍රියාමාර්ගය ගස අයිතිකරු විසින් නොගත්තේනම් දින 07ක් ඇතුළත අනතුර ඉවත් කිරීමට අදාළ ක්‍රියාමාර්ගය ගන්නා ලෙස දෙවන සිහි කැඳවීම යැවීම.
vii අදාළ නියෝගය ක්‍රියාත්මක නොවූයේ නම් ප්‍රාදේශීය සභා පනතේ 107(2) (1)උපවගන්තියෙන් දක්වා ඇති බලතල ප්‍රකාරව සභාව මගින් අනතුරුදායක ගස ඉවත් කිරීමට පියවර ගැනීම සහ ඒ වෙනුවෙන් වියදම් වන සියලුම ගාස්තු අදාළ පුද්ගලයාගෙන් අය කර ගැනීමට නීති ක්‍රියාමාර්ග ගැනීම

 

 

 

 

 

 

 

කාර්යාලගත හා අනෙකුත් සේවාවන්ට අදාළ කාර් ය පටිපාටි.

 

 

 ගිණුම් විෂයේ කාර්යයන්ට අදාළ කාර්ය පටිපාටි

පෞද්ගලික ලිපිගොනු විෂයට අදාළ කාර්ය පටිපාටි

 සතිපොළ,පුස්තකාල,ආයුර්වේද හා පුහුණු විෂයන්ට අදාළ කාර්ය පටිපාටි

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයේ කාර්යයන්ට අදාළ කාර්ය පටිපාටි

ලදුපත් නිකුත් කිරීම,උසාවි දඩ හා මුද්දර ගාස්තු,භාණ්ඩ සමීක්ෂණය,බිල්පත් ගෙවීම,තැපෑල,මිල ගණන් විිවෘත කිරීම හා අභ්‍යන්තර විගණන විෂයට අදාළ කාර්ය පටිපාටි

නිවාඩු,අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ,හදිසි අනතුරු හා වන්දි රක්ෂණාවරණය,ක්ෂේත්‍ර නිලධාරින්ගේ ඉදිරි,පසු හා සංශෝධිත වැඩසටහන් පරීක්ෂාව,අතිකාල හා කාර්ය මණ්ඩල රැස්වීම් විෂයන්ට අදාළ කාර්ය පටිපාටි

සභාව සතු වාහනවල රක්ෂණ සහතික හා ආදායම් බලපත්‍ර,ඉන්ධන නිකුත් කිරීම,තොරතුරු දැනගැනීමේ පනත විෂයන්ට අදාළ රාජකාරි

අධීක්ෂණ වාර්තා, විගණන විමසුම් හා කළමනාකරණ කමිටු, ගෙවිම් වවුචර් පත් පරීක්ෂාව යන විෂයන්ට අදාළ කාර්ය පටිපාටි

ප්‍රසම්පාදන කටයුතු හා දුක් ගැනවිලි කළමනාකරණය සම්බන්ධ කාර්ය පටිපාටි

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම විෂයට අදාළ කාර්ය පටිපාටිය

ප්‍රාදේශීය සභාව සතුවිය යුතු මාර්ග හා පටු මංමාවත් ගැසට් කිරීමට අදාළ කාර්ය පටිපාටිය

භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදි තාක්ෂණික කමිටු විෂයට අදාළ කාර්ය පටිපාටිය

නව ජල සම්බන්ධතාවයක් ලබා ගැනිමට අදාළ කාර්ය පටිපාටිය

කාර්ය මණ්ඩල වැටුප් හා දීමනා විෂයට අදාළ කාර්ය පටිපාටිය

ප්‍රාස වාර්තා සැකසිම,සේවක ඇප හා ණය ලේඛන,ප්‍රතිපත්ති හා තීර ණ ගැනීමය සහයවීමේ කමිටුවට  අදාළ කාර්ය පටිපාටි

සම්ප්‍රේෂණ කුළුණු ගාස්තු අය කිරීම

අක්කර බදු,බිම් බදු හා විනෝද බදු අය කිරීම

පළාත් පාලන ආයතන අතර කාර්ය සාධන තරඟයට අදාල කටයුතු සිදු කිරීම

 

 

 

 

 

 

කාල සටහන් පත්‍රිකා පද්ධතිය

අනුකූලතා සහතික නිකුත් කිරීම.

i. ගොඩනැගිලි අයදුම්පත් නිකුත් කිරීම ගත වන කාලය
·

         පිඹුරුපත පමණක් අනුමත කිරීම ගොඩනැගිලි අයදුම් පත්ර යේ පටු අංක 1, 2,3, 4, 5, 6, 8, 9 හා 10 සම්පූර්ණ කිරීම සහ එහි සුදුසුකම්ලත් පුද්ගලයා යන ස්ථානයේ මිනින්දෝරු විසින් අත්සන් කිරීම

පැය 01 (ලේඛන පරීක්ෂාව)
·         පිඹුරුපත හා ගොඩනැගිලි සැලසුම අනුමත කිරීම ඉහතින් දක්වා ඇති පිටු අංක වලට අමතරව 11, 12, 14, 17 හා 25 සම්පූර්ණ කිරීම සහ එම පිටුවල සුදුසුකම්ලත් පුද්ගලයා ලෙස ගොඩනැගිලි සැලසුම අදින ලද තැනැත්තා අත්සන් කිරීම කළ යුතුය.
·         අවශ්‍ය ලිපි ලේඛන
මිනින්දෝරු සැලසුම – පිටපත් 03 ( සත්‍ය පිටපතක් බව සහතික කළ) මිනින්දෝරු විසින්
ගොඩනැගිලි සැලසුම – පිටපත් 03 ( සත්‍ය පිටපතක් බව සහතික කළ) ගොඩනැගිලි සැලසුම අදින ලද තැනැත්තා විසින්
යෝග්‍යතා සහතිකය
ඉඩමේ ඔප්පුව – පිටපත් 01
ii. සම්පූර්ණ කරන ලද අයදුම්පත සමඟ අවශ්‍ය ලිපි ලේඛන අප ආයතනය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව (ඉදිරිපත් කරනු ලබන අවස්ථාවේදී ඒ සඳහා අදාළ මුදල් අය කළ යුතුය) එම ලිපි ලේඛන ගොනු කර අංක කර ආවරණ ලිපියක් සහිතව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත යැවීම. දින 01
iii. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙතින් ලිපි ගොනුව ලැබුණු පසු කාර්මික නිලධාරී තුමා සමග ක්ෂේත්‍ර පරික්ෂාව සදහා යාම. දින 07
iv .   ක්ෂේත්‍ර පරික්ෂාව සිදුකළ පසු සැලසුම් කමිටුවක් පැවැත්වීම. දින 03
v.සැලසුම් කමිටුවෙන් අනතුරුව ගොඩනැගිලි අයදුම්පත් ප්‍රතික්ෂේප වූයේ නම් ඒ බව අදාළ පුද්ගලයින් වෙත ලිඛිතව දැනුම් දීම දින 02
vi .අනුමත වූ ගොඩනැගිලි අයදුම්පත් සීල් තබා ලේකම්තුමියගේ අත්සනට යොමු කිරීම දින 01
vii.සැලසුම් කමිටුවේ තීරණ සටහන් කරමින් සැලසුම් කමිටු වාර්තාව සකස් කිරීම සහ සැලසුම් කමිටුව සඳහා සහභාගී වූ නිලධාරීන්ගේ අත්සන් ගැනීම. දින 01

 

 

 

ක්‍රීඩාපිටිය කුලියට ලබාදිම.

 

1.ක්‍රීඩා පිටිය කුලියට දීම සම්බන්ධ කාර්ය පටිපාටිය
ගත වන කාලය
කොලොන්න ප්‍රාදේශීය සභාවට අයත් කොලොන්න මහජන ක්‍රීඩාංගනය විවිධ සැණකෙලි,ක්‍රීඩා තරඟ,ප්‍රදර්ශන වැනි වැඩසටහන් සඳහා කුලි ගෙවා වෙන් කරවා ගත හැක.
1.1  ඉල්ලුම් කිරීමේ ක්‍රියාවලිය
·         ක්‍රීඩා පිටිය වෙන් කිරීම සදහා ගෙවිය යුතු ගාස්තු –
සභාව සතු ක්‍රීඩා පිටිය කුලියට දීම දිනකට හෝ දින කීපයකට
01.රජයේ ආයතනවලින් පවතවනු ලබන වැඩසටහන් සඳහා                            5000.00
02.පාසල් ක්‍රීඩා තරග සදහා                                                                              500.00
03.දේශපාලන රැස්වීමක් සඳහා                                                                       10000.00
04.සංඟීත සංදර්ශනයක් සඳහා                                                                         10000.00
05.ක්‍රීඩා සමාජ සඳහා                                                                                       3000.00
1.2 අවශ්‍ය කරන ලියකියවිලි
ü  ඉල්ලීම් ලිපිය
ü  සම්පුර්ණ කරන ලද ආකෘති පත්‍රය
1.3  සේවාවට අදාළ වැඩ පියවර
v  ක්‍රීඩා පිටිය ඉල්ලුම් කරන දින කලින් වෙන් කර ඇතිදැයි පරීක්ෂා කර බැලීම. මිනිත්තු 10
v  ඒසේ වෙන කර නැත්නම් අදාළ ගාස්තු අයකර අදාළ දිනයන් වෙන් කිරීම. මිනිත්තු 20

 

මාර් ගය පළුදු කිරීමට අවසර ලබාදීම.

මාර්ග පළුදු කිරීමට අවසර ඉල්ලීම.
පළාත් පාලන ආයතනයට අයත් මාර්ගයක් පළුදු කිරීමෙන් ජලය ලබා ගැනීමේදී අදාළ පළාත් පාලන ආයතනය මගින් ඒ සඳහා අවසර ලබා ගත යුතුය.
ගත වන කාලය
2.1.ඉල්ලුම් කිරීමේ ක්‍රියාවලිය.
1.      අවශ්‍යතාව සභාවේ වෙබ් අඩවිය මගින් හෝ පෙරටු කාර්යාලයට පැමිණ දැන්වීම.
මිනිත්තු 05
2.      ඉල්ලීම සභාවේ මාර්ගයක් වන විට සම්පූර්ණ කළ ඉල්ලුම්පත්‍රය වෙබ් අඩවිය ඔස්සේ හෝ අතින් භාර ගැනීම. මිනිත්තු 05
3.      ඉල්ලුම්පත්‍රය විෂය නිලධාරී මගින් තාක්ෂණ නිලධාරී වෙත යොමු කිරීම. මිනිත්තු30
4.      ස්ථානීය පරීක්ෂාවක් සිදු කර නිරීක්ෂණ හා නිර්දේශ සමග ඉල්ලුම් පත්‍රය විෂය භාර නිලධාරී මගින් ලේකම් වෙත යොමු කිරීම. දින 02
5.      ඉල්ලීම අනුමත වුයේ නම් ගෙවිය යුතු ගාස්තු ප්‍රමාණය දක්වමින් ඉල්ලීමට අවසර දීමේ ලිපිය පෙරටු කාර්යාලයට යොමු කර ගෙවිය යුතු ගාස්තු ප්‍රමාණය ඉල්ලුම්කරුට දැන්වීම./ඉල්ලීම ප්‍රතික්ෂේප වූයේ නම් ඊට හේතු දක්වමින් ඒ බව ඉල්ලුම්කරුට දැන්වීම. දින 01
6.      මාර්ග පළුදු කිරීම යථා තත්වයට පත් කිරීමේ ගාස්තු අය කර ගෙන ලදුපත හා අවසර දීමේ ලිපිය නිකුත් කිරීම. දින 01
7.      කාර්ය අවසන් කළ බව වාර්තා කිරීම. දින 02
8.      මාර්ගය යථා තත්ත්වයට පත් කරවීම හා වියදම වාර්තා කිරීම. දින 02
9.      මාර්ගය යථා තත්ත්වයට පත් කරවීමට දරන ලද වියදම වැය ශීර්ෂයට බැර කර ඉතිරිය ඉල්ලුම්කරුට ගෙවීම. දින 01
2.2.ඉදිරිපත් කළ යුතු ලේඛන
ඉල්ලුම්පත්‍රය
2.3.සේවාවට අදාළ වැඩ පියවර
        i.            නිසිලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය සහ අවශ්‍ය වන අනෙකුත් ලියකියවිලි පරීක්ෂා කර බලා ලේඛන ගත කිරීම. පැය 01
      ii.            කාර්මික නිලධාරී නිර්දේශයට අනුව අදාළ ගාස්තු අය කිරීම. දින 01
    iii.            මාර්ගය පළුදු කිරීමට අවසර දීමේ ලිිපිය නිකුත් කිරීම දින 01
     iv.            මාර්ගය යථා තත්ත්වයට පත් කරවීම හා වියදම වාර්තා කිරීම. දින 02
       v.            මාර්ගය යථා තත්ත්වයට පත් කරවීමට දරන ලද වියදම වැය ශීර්ෂයට බැර කර ඉතිරිය ඉල්ලුම්කරුට ගෙවීම දින 01

 

ගොඩනැගිලි සංවර්ධන බලපත්‍ර නිකුත් කිරීම.

ගොඩනැගිලි සැලසුම් සංවර්ධන බලපත්‍ර නිකුත් කිරීම ගත වන කාලය
1
ඉල්ලුමි පත්‍ර ලබා ගැනීම (පෙරටු කාර්යාලයෙන් හෝ සභාවේ වෙබ් අඩවියෙන්)
දින 01
2 සුදුසුකම් ලැබූ තැනැත්තා විසින් සහතික කළ නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය භාර ගැනීම,පෙරසැරි ගාස්තුව අය කර ගැනීම, ලදුපත නිකුත් කිරීම, ඉල්ලුමි පත්‍රය භාර ගත් බව, ලියා පදිංචි අංකය හා ක්ෂේත්‍ර පරීක්ෂණයට පැමිණෙන දිනය ඉල්ලුම්කරුට නිවේදනය කිරිම
3 ඉල්ලීම විෂය භාර නිළධාරි මගින් තාක්ෂණ නිළධාරි වෙත යොමු කිරීම දින 03
4 ක්ෂේත්‍ර පරීක්ෂණයට පැමිණෙන දිනය තහවුරු කරන නිවේදනය ඉල්ලුම්කරුට යොමු කිරීම දින 02
5 ක්ෂේත්‍ර පරීක්ෂාව දින 01
6 ඉල්ලීම සම්බන්ධ තම නිරීක්ෂණ හා නිර්දේශ සහිත ගොනුව සැලසුම් කමිටුවට ඉදිරිපත් කිරීම සඳහා විෂය භාර නිළධාරිට යොමු කිරීම දින 01
7 තාක්ෂණ නිළධාරීන්ගේ නිර්දේශය සහිත ඉල්ලීම සලකා බලා අනුමත කිරීම දින 03
8 සංවර්ධන බලපත්‍රය පිළියෙල කර බලයලත් නිළධාරීන්ගේ අත්සන ලබා ගැනීම දින 01
9 අත්සන් කළ සහතිකය පෙරටු කාර්යාලයට යොමු කිරීම සහ දේපලෙහි වාර්ෂික වටිනාකම තක්සේරු කිරීම සඳහා ආදායම් අංශයට වාර්තා කර ඉල්ලුම්කරු දැනුවත් කිරීම දින 01
10 සංවර්ධන බලපත්‍රය සහ අනුමත කළ සැලැස්ම ඉල්ලුම්කරුට යොමු කිරිම දින 01

ජීවිත හා දේපළවලට අනතුරුදායක ගස් ඉවත් කිරීම

ජීවිත හා දේපළවලට අනතුරුදායක ගස් ඉවත් කිරීම සඳහා
නියෝග නිකුත් කිරීම

ගත වන කාලය
නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රයක් මගින් ඉල්ලීම ලබා ගැනීම.(අන්තර්ජාලය හරහා යොමු වන අයදුම්පත් මඟින්ද ඉල්ලීම් සිදු කරනු ලබයි) දින 01
අදාළ සේවා ගාස්තුව පෙරටු කාර්යාලය හරහා හෝ අන්තර්ජාලය හරහා ගෙවිම. දින 01
ලේකම්තුමිය මගින් කාර්මික නිලධාරිගේ නිරීක්ෂණයට යොමු කිරීම. දින 02
කාර්මික නිලධාරිගේ නිර්දේශය ලැබීමෙන් පසු සභාපතිතුමාගේ අනුමැතියට යොමු කිරීම. දින 01
කාර්මික නිලධාරියාගේ නිර්දේශයට අනුව 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 107 වගන්තියෙන් දක්වා ඇති පරිදි අනතුර ඉවත් කිරීම සඳහා සුදුසු නිර්දේශිත ක්‍රියාමාර්ගය (ගස කපා ඉවත් කිරීම/ ගසේ අතු පමණක් ඉවත් කිරීම/ ගස ඇඳ බැඳ තැබීම) ලිපිය ලද වහාම ඉටු කරන ලෙස ගස අයිතිකරුට නියෝග කිරීම. දින 02
ලිපිය ලද වහාම අනතුර ඉවත් කිරීමට සුදුසු ක්‍රියාමාර්ගය ගස අයිතිකරු විසින් නොගත්තේනම් දින 07ක් ඇතුළත අනතුර ඉවත් කිරීමට අදාළ ක්‍රියාමාර්ගය ගන්නා ලෙස දෙවන සිහි කැඳවීම යැවීම. දින 01
අදාළ නියෝගය ක්‍රියාත්මක නොවූයේ නම් ප්‍රාදේශීය සභා පනතේ 107(2) (1)උපවගන්තියෙන් දක්වා ඇති බලතල ප්‍රකාරව සභාව මගින් අනතුරුදායක ගස ඉවත් කිරීමට පියවර ගැනීම සහ ඒ වෙනුවෙන් වියදම් වන සියලුම ගාස්තු අදාළ පුද්ගලයාගෙන් අය කර ගැනීමට නීති ක්‍රියාමාර්ග ගැනීම දින 02

වීථි රේඛා හා නොපවරවා ගැනීමේ සහතික නිකුත් කිරීම

විථි රේඛා සහ නොපවරවා ගැනීමේ සහතිකය නිකුත් කිරිම ගත වන කාලය
1.     අයදුම් පත්‍රය නිකුත් කිරිම. දින 01
2.     අයදුම් පත්‍රය සමග ඔප්පුවේ පිටපතක් (මුල් පිටපත සමග සැසදිමෙන් පසු) හා මිනිනදෝරු සැලැස්මේ පිටපතක් ලබා ගැනිම. දින 01
3.     ඉල්ලුම් අයිතිකරු නොවේනම් අයිතිකරුගේ කැමැත්ත ප්‍රකාශ කළ ලිපියක් ලබා ගත යුතුය. දින 01
4.     ඔප්පුවේ මුල් පිටපතක් බැංකුවේ නම් ඉදිරිපත් කරන පිටපත් බැංකුව මගින් සහතික කර තිබිය යුතුය. දින 01
5.     කාර්මික නිලධාරිතුමාට යොමු කර නිර්දේශය ලබා ගැනිම. දින 02
6.     වීථි රේඛා සහ නොපවරා ගැනිමේ සහතිකය සකස් කිරිම. දින 01
7.     ඒ සදහා සභාපතිවරයාගෙන් අත්සන් ලබා ගැනිම. දින 01
8.     රු.5000.00ක ගාස්තුවක් අය කර වීථිරේඛා සහ නොපවරා ගැනිමේ ලේඛනයේ අයදුම්කරුගේ අත්සනක් ලබා ගෙන වීථි රේඛා සහ නොපවරා ගැනිමේ සහතිකය ලබා දිම. දින01
9.     එක් පිටපතක් වීථිරේඛාසහ නොපවරා ගැනිමේ සහතික නිකුත් කිරිම නැමැති ලිපිගොනුවට ඇතුළත් කිරිම. දින 01

පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම

පාරිසරික ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම -කාර්යය පටිපාටිය ගත වන කාලය
1. ප්‍රාදේශීය සභා නිළ වෙබ් අඩවියෙන්,පෙරටු කාර්යාලයෙන් හෝ විෂය නිළධාරීගෙන් නව අයදුම්පතක් /අලුත් කිරීමේ අයදුම්පතක් ලබා ගැනීම මිනිත්තු 02
2. අයදුම්පත සම්පූර්ණ කර විෂය නිළධාරී හො විෂය නිළධාරී වෙත පහත ලිපිගොනු සමග භාර දීම පැය 01
· ව්‍යාපාරයට හෝ කර්මාන්තයට යන මාර්ගයේ දළ සටහන
·  ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතියේ පිටපත
·  ව්‍යාපාරය පිහිටා ඇති ඉඩමේ මිනින්දෝරු සැලැස්මේ පිටපත
·ව්‍යාපාරය පිහිටා ඇති ඉඩමේ ඔප්පුව හෝ අයිතිය සනාථ කෙරෙන ලියකියවිලි
·  ඒ ඒ ව්‍යාපාරයන්ට අදාල ඉල්ලා සිටින විශේෂිත ලියකියවිලි
· උදා-දැව ආශ්‍රීත ව්‍යාපාරයක් නම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තු සහතිකය
3.       නව ව්‍යාපාරයක් නම් ව්‍යාපාරයේ මූලික ආයෝජන මුදල අනුව ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු ලබා ගැනීම (පාරිසරික ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම පිළිබද පළාත් පාලන ආයතන සදහා මාර්ගෝපදේශ අත්පොත -18 පිටුව) මිනිත්තු 15
4.       අලුත් කිරීමක් නම් බලපත්‍රය කල් ඉකුත්වීමට පෙර අයදුම්පත ඉදිරිපත් කර තිබිය යුතු අතර ඉන්පසුව ලබා දෙන අයදුම්පත් සදහා නව බලපත්‍රයක් සදහා අනුගමනය කරන ක්‍රියා පිළිවෙල අනුගමනය කල යුතුය. මිනිත්තු 10
5.       අදාල ව්‍යාපාරය පිහිටි ස්ථානයේ ක්ෂේත්‍ර පරීක්ෂණය සිදු කිරීම දින 07
6.       ක්ෂේත්‍ර පරීක්ෂණ වාර්තාව ප්‍රගති සමාලෝචන කමිටුව සදහා ඉදිරිපත් කිරීම මිනිත්තු 15
7.       ප්‍රගති සමාලෝචන කමිටුව නිර්දේශ කරන ආයතන බලපත්‍ර නිකුත් කිරීම සදහා සුදුසුකම් ලැබීම
8.       බලපත්‍ර නිකුත් කිරීම සදහා සුදුසුකම් ලැබූ ආයතන සදහා බලපත්‍ර ගාස්තු ගෙවන ලෙස දැනුම් දීම හා බල පත්‍රය සකස් කිරීම පැය 01
9.       පරිසර බලපත්‍රය නිකුත් කිරීම මිනිත්තු 10

 

 

තොරතුරු දැනගැනීමේ පනතට අනුව තොරතුරු ලබාදීම

             තොරතුරු පනත
        I.            තොරතුරු පනත යටතේ තොරතුරු ලබා ගැනීමේ අයදුම් පතRTI 01 ආකෘති පත්‍රයෙන් හෝ විද්‍යුත් මාර්ගයෙන් හෝ වාචිකව ලබා ගැනීම දින 01
      II.            තොරතුරු ලබා ගැනීමේ අයදුම් ලැබුණු වහාම එය ලැබුණු බවට RTI 02 මගින් දැන්වීම සහ RTI 03 ලේඛනයේ 07 තීරුවේ සටහන් කිරීම. දින 01
    III.            RTI 03 ලේඛනයේ සටහන් කර ලියාපදිංචි අංකයක් ලබා දීම. දින 01
    IV.            ඉල්ලීම සපුරා ලීමට තීරණය කළ වහාම ඉල්ලීම තොරතුරු ඉල්ලීම භාරගත් බව දන්වා RTI 04 මගින් දන්වා යැවීම. දින 01
      V.            ඉන්පසු වැඩ කරන දින 14 ක් ඇතුලත ඉල්ලීම සපුරාලීම. දින 05
    VI.            අමතර කාලයක් අවශ්‍ය නම් ඒ බව RTI 06 මගින් දන්වා යැවීම. දින 01

සභාව සතු වාහන කුලියට ලබා දීම.

     වාහන කුළියට දීම කාලය
කොලොන්න ප්‍රාදේශීය සභාවට අයත්

LL 6991 ටිපර් රථය, LK 9598 ටිපර් රථය, HC 3718 වෑන් රථය, ජල බවුසරය, ගලි බවුසරය, ZA 4929 බැකෝ යන්ත්‍රය, LL 7578 කෘ කැබ් රථය යන වාහන ජනතාවගේ අවශ්‍යතාවයන් සඳහා කුලී ගෙවා වෙන් කර ගත හැක.

වෙනත් අයෙකු කුලියට ලබාගෙන නොමැති නම් හෝ වෙනත් රාජකාරියක් සඳහා යොදවා නොමැති නම් – මිනිත්තු 30
4.5 අවශ්‍ය කරන ලියකියවිලි
ඉල්ලීම් ලිපිය
හිමිකරුගේ ජාතික හැදුනුම්පත සමඟ ඡයා පිටපතක්
4.2 සේවාවට අදාළ වැඩ පියවර
නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
අදාළ ගාස්තු අය කිරීම
ඉල්ලුම් කරන ලද වාහනය නියමිත දිනයේදී රියදුරු සමඟ ලබා දීම

 

 

කාර්යාලගත හා අනෙකුත් සේවාවන්ට අදාළ කාල සටහන්

 ගිණුම් විෂයේ කාර්යයන්ට අදාළ කාර්ය පටිපාටි

පෞද්ගලික ලිපිගොනු විෂයට අදාළ කාර්ය පටිපාටි

 සතිපොළ,පුස්තකාල,ආයුර්වේද හා පුහුණු විෂයන්ට අදාළ කාර්ය පටිපාටි

ලදුපත් නිකුත් කිරීම,උසාවි දඩ හා මුද්දර ගාස්තු,භාණ්ඩ සමීක්ෂණය,බිල්පත් ගෙවීම,තැපෑල,මිල ගණන් විිවෘත කිරීම හා අභ්‍යන්තර විගණන විෂයට අදාළ කාර්ය පටිපාටි

නිවාඩු,අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ,හදිසි අනතුරු හා වන්දි රක්ෂණාවරණය,ක්ෂේත්‍ර නිලධාරින්ගේ ඉදිරි,පසු හා සංශෝධිත වැඩසටහන් පරීක්ෂාව,අතිකාල හා කාර්ය මණ්ඩල රැස්වීම් විෂයන්ට අදාළ කාර්ය පටිපාටි

සභාව සතු වාහනවල රක්ෂණ සහතික හා ආදායම් බලපත්‍ර,ඉන්ධන නිකුත් කිරීම විෂයන්ට අදාළ රාජකාරි

අධීක්ෂණ වාර්තා, විගණන විමසුම් හා කළමනාකරණ කමිටු, ගෙවිම් වවුචර් පත් පරීක්ෂාව යන විෂයන්ට අදාළ කාර්ය පටිපාටි

ප්‍රසම්පාදන කටයුතු හා දුක් ගැනවිලි කළමනාකරණය සම්බන්ධ කාර්ය පටිපාටි

 

 

 

 

 

 

Copyright © 2025 - Kolonna Pradeshiya Sabha. Digitization Human Resource Management system - All Rights Reserved

Designed by R.P Harsha Priyankara